විශ්‍රාමික නාවික හමුදා වෛද්‍ය සහායකයෙකු අල්ලස් දැලේ

Report

 නාවික හමුදා වෛද්‍ය සහායකයෙකු රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට තිබේ .

දෙමාපියන්ගෙන් කොළඹ ජනප්‍රිය පාසලක පළමු ශ්‍රේණියට සිසුවියක් ඇතුළත් කර දීමට අවශ්‍ය කටයුතු සලසාදීම සඳහා සැකකරු විසින් රුපියල් ලක්ෂ තුනක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඇති බව වාර්තා වේ .

මේ පිළිබද වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව අදාල සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ තවද සැකකරු විසින් ලක්ෂයක මුදලක් පැමිණිලිකරුගෙන් ලබාගෙන ඇත. 

 ඒ වගේම ඉතිරි මුදල ලබාගැනීමට යාමේදී මෙලෙස අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සදහන් කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අපිට මඩ ගැහුවට වනචාරීන් කිව්වට අපි අනුකම්පා කරනවා – මිහින්තලේ හිමි

අපිට මඩ ගැහුවට වනචාරීන් කිව්වට අපි අනුකම්පා කරනවා – මිහින්තලේ හිමි

ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමට තරග විභාග දෙකක්

ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමට තරග විභාග දෙකක්