ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් සහ ලිට්‍රෝ ගන්න ඉදිරිපත් වූ අලුත් සමාගම් මෙන්න.

Government Of Sri Lanka Litro Gas
By Wayomi Apr 19, 2024 01:42 PM GMT
Wayomi

Wayomi

Report

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු කඩිනමින් සිදු කෙරෙන බව ආර්ථික ස්ථායීකරණ සහ ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසනවා.

ඒ,අනුව මේ වන විට එක් එක් ආයතනයට අදාළව ආයෝජකයන්ගේ අභිලාෂ ඉදිරිපත් කර ඇති අතර මෙලෙස අභිලාෂ අතරින් තෝරාගත් ආයෝජකයන්ගේ අවසන් ලැයිස්තුව ද සකස් කර තිබෙනවා.

මෙම ප්‍රතිව්‍යුහගත කිරීම වලට අදලාව ලිට්‍රෝ සමාගම සඳහා ලාෆ්ස් ගෑස් සමාගම ද අභිලාෂ ඉදිරිපත් කර ඇත.

මේ අතර ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක චයිනා නැෂනල් එරො ටෙක්නෝ, ඉන්ෆිනිටි එන්ජීසී හා කන්සල්ටින් ඉන්ජිනියර්ස් ඇන්ඩ් කන්ට්‍රැක්ටර්ස් යන ශ්‍රී ලංකාවේ ආයතන ද අභිලාෂ ඉදිරිපත් කර තිබෙනවා

එමෙන්ම සිංගප්පූරුව, ඉන්දියාව, තායිලන්තය, තුර්කිය, අරාබිය, මැලේසියාව යන රටවල ආයතන සිය අභිලාෂ ඉදිරිපත් කර ඇති නමුත් එම ආයතනය සඳහා මෙතෙක් අවසන් ලැයිස්තුව සකස් කර නොමැති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව (ජීවිත රක්ෂණ) සඳහා අභිලාෂ ඉදිරිපත් කර ඇති සියලු ආයතන මෙරට තුළ ක්‍රියාත්මක රක්ෂණ ආයතන වේ.

ඒ අනුව යූනියන් ඇෂුරන්ස්, ලයිෆ් ඉන්ෂුවරන්ස් කෝපරේෂන්, සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් යන ආයතන අභිලාෂ ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ටෙලිකොම් සඳහා ඉන්දියාව, හොංකොං, ප්‍රංශ ආයතන තුනකින් අභිලාෂ ඉදිරිපත් කර තිබේ. ඒ අතරින් ඉන්දියාවේ ජියො ප්ලැට්ෆෝම් හා හොංකොංහි ගොචූන් International Investment Holdings Limited ආයතනය අවසන් ලැයිස්තුවට පැමිණ සිටියි.