ඔබේ දරුවාත් මෙම රෝග ලක්ෂණවලින් පෙළෙන්නේද..? ඔබත් මේ ගැන අදම දැනුවත්වන්න..!
ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේ, කුඩා දරුවන් අතර මේ දිනවල ශ්වසන රෝග කිහිපයක් පැතිරයමින් පවතින බවයි.
පරීක්ෂාවලට ලක්කළ ළමුන් අතරින් බහුතරයට ඉන්ෆ්ලුවෙන්සා වෛරසය වැළදී ඇති බවට හඳුනාගෙන ඇති අතර කොවිඩ් රෝගීන් දෙදෙදෙනෙකු ද හඳුනාගෙන ඇති බව ඔහු සදහන් කළා.
"පසුගිය දින කිහිපය තුළ දී දරුවන් අතර, ඉහළ ශ්වසන මාර්ගයේ, රෝග කිහිපයක් පැතිරුණා. විශේෂයෙන්ම වෛරස් උණ රෝග. මෙතැනදී රෝග ලක්ෂණ විදියට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, වමනය, හිසරදය වැනි රෝග ලක්ෂණ තමා අපි දැක්කේ. පරීක්ෂා කරලා බැලුවහම සමහර උණ රෝග ඉන්ෆ්ලුවෙන්සා A හෝ B. ඊට අමතරව රිජ්වේ ආර්යා ළමා රෝහලේ නම් අපි දැක්කේ නෑ.
හැබැයි ළමයි දෙන්නෙක්ට කොවිඩ් පොසිටිව් වෙලා තියෙනවා. හැබැයි වැඩි දෙනෙක්ට ඉන්ෆ්ලුවෙන්සා. ඊට අමතරව උණ රෝග ගැන කියද්දි පාචන රෝගීන් කිහිපදෙනෙක් ඉන්නවා. වමනය, බඩඑළිය යෑම, උණ හා බඩේ කැක්කුම තමා අපි දැක්කේ. වෛරස් රෝග කිහිපයක් තියෙනවා. ඒ වගේම ළමා හතිය හා ඩෙංගු රෝගීන් අපි බහුලව දකිනවා."
එමෙන්ම, විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, වෛරස් උණ රෝගයන්ට අමතරව රටවල් කිහිපයක පවතින කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ද විවිධ රෝගාබාධවලින් පෙලෙන පුද්ගලයින් මුඛ ආවරණ පැලඳීම වැදගත් වන බවයි.
"රෝග ලක්ෂණ තියෙන අය, මුඛ ආවරණ තවදුරටත් පලඳින්න. ප්‍රතිශක්තිකරණය අඩු අය විශේෂයෙන් අවුරුදු 2ට අඩු දරුවෝ, අවුරුදු 60ට වැඩි වැඩිහිටියෝ, දියවැඩියා රෝගීන්, නිදන්ගත රෝග තත්ත්වයන් පවතින ශ්වසන හා පිළිකා රෝගීන් ද මුඛ ආවරණ පලඳින්න. එහෙම නැත්නම් ඒ අයට ඉන්ෆ්ලුවෙන්සා සහ කොවිඩ් වැනි රෝග පැතිරෙන්න පුළුවන්..."
