දෛනික ආසාදිතයින් අඩුවීමට හේතුව
corona virus
sri lanka
Sri lanka
covid 19
By Sithumi
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 235 දෙනෙකු අද (05) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 816කි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 266,390ක් දක්වා ඉහළගොස් තිබේ.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු පරිපූරක වෛද්‍ය සේවාවේ වෘත්තිය සමිති 14ක් අද (05) උදෑසන සිට ආරම්භකර ඇති වැඩවර්ජන හේතුවෙන් දෛනික PCR පරීක්ෂවලට බාධා එල්ල වී ඇති බවත් එහි ප්‍රතිඵල පමාවී ඇති බවත් යුද හමුදාපතිවරයා පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |