ජලාශ කිහිපයක ජල මට්ටම් තව දුරටත් අඩු කරයි

Report

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ ඉදිරි කාලය සඳහා ලබා දී ඇති වර්ෂා පුරෝකථනයන් අනුව මේ වන විට දිවයිනේ ප්‍රධාන ජලාශ කිහිපයක පවතින ජල මට්ටම් තවදුරටත් අඩු කරමින් පවතින බවයි.

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාච්චදූව, රාජාංගන, දැදුරු ඔය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, වෙහෙරගල මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ සේනානායක සමුද්‍රයේද මේ වන විට ජල මට්ටම් අඩු කිරීම සඳහා ජලය නිදහස් කරමින් පවතින බව එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා සදහන් කර තිබේ.

ඒ වගේම මෙම නිදහස් කරන ජල ප්‍රමාණයෙන් මගින් එහි පහළ ප්‍රදේශ සඳහා කිසිදු බලපෑමක් සිදු නොවන බවත් එතුමා සදහන් කර තිබේ.

තවද සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ මේ වන විට ලබා දී ඇති පුරෝකථනයන් අනුව ඉදිරියේදී වර්ෂාව ලැබීමේ ප්‍රවණතාවයක් ඇති නිසා මෙම තත්ත්වයන් නිරීක්ෂණය කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පවතින කාර්යාල පැය 24ම විවෘත කර ඇති  බවයි.

ඒ අනුව ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් සම්බන්ධව නිරන්තරයෙන් දැනුවත් කිරීම් සිදුකරන බවත් ඒ මහතා පැවසීය.

ලස්සනම කැම්පස් එකට වෙච්ච් දෙයක් විනාස වෙලා ගිහින් - බිලියන හයකට වැඩි හානියක්

ලස්සනම කැම්පස් එකට වෙච්ච් දෙයක් විනාස වෙලා ගිහින් - බිලියන හයකට වැඩි හානියක්

ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා තව දුරටත් සදහන් කළේ තවද මෝසම් වැසි මේ වන විට සක්‍රීය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇති බැවින් මේ සම්බන්ධව අවධානයෙන් සිටීම වැදගත් වන බවයි .

නමුත් පවතින තත්ත්වයන් අනුව මේ දක්වා අවදානම් තත්ත්වයක් මතු වී නොමැති බව එතුමා සදහන් කර තිබේ.

සුළු මොහතකට පෙර කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් - පැය 24 දක්වා වලංගුයි

සුළු මොහතකට පෙර කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් - පැය 24 දක්වා වලංගුයි