සෞදි යන අයට ශ්රීලන්කන් ගුවන් සේවයෙන් හදිසි නිවේදනයක් - දමාම් සහ රියාද් ගුවන්ගමන් තවත් කල් යයි
By Kanchana
සෞදි අරාබියේ දමාම් සහ රියාද් දක්වා ක්රියාත්මක සියලු ගුවන්ගමන් අත්හිටුවීම නොවැම්බර් පළමු වනදා දක්වා දීර්ඝ කිරීමට ශ්රීලන්කන් ගුවන් සේවය තීරණය කර ඇත.
මැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තම ප්රමුඛතම කාර්යය වන බව නිවේදනයක් නිකුත් කරමින් එම ගුවන් සේවය සඳහන් කර තිබේ.
වාණිජ ගුවන් ගමන් ක්රියාත්මක කිරීමට සුදුසු තත්ත්වයක් පවතින බව තහවුරු කරගැනීමෙන් පසු ගුවන් සේවා යළි ආරම්භ කරන බව ද එම නිවේදනයේ සඳහන් වේ.
මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු සඳහා ශ්රී ලංකාව තුළ සිටින මගීන්ට 1979 දුරකථන අංකයත්, විදේශයන්හි සිටින මගීන්ට +94 11 777 1979 අංකයත් ඇමතීමෙන් හෝ WhatsApp ඔස්සේ +94 74 444 1979 අංකයට පණිවිඩයක් යොමු කිරීමෙන් තොරතුරු ලබා ගැනීමේ හැකියාව ඇත.