හිටපු ජනපති රනිල්ගේ සියලු රෝග සම්බන්ධ වාර්තා ඉදිරිපත් කෙරේ

Current Political Scenario Sinhala news Breaking News Colombo politics heat up Ranil Wickremesinghe Arrested
By Shehan Aug 26, 2025 10:15 AM GMT
Shehan

Shehan

Report

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (26) කැඳවූ නඩු විභාගයේදී, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් බරපතල කරුණු අනාවරණය විය.

ඔහුගේ ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, රනිල් වික්‍රමසිංහ මහතාගේ හෘද වස්තුවේ ප්‍රධාන ධමනි හතරෙන් තුනක් අවහිර වී ඇති බවයි. මෙම තත්ත්වය ඔහුගේ ජීවිතයට බරපතල අවදානමක් මතු කර ඇති බවත්, නීතිඥවරයා අවධාරණය කළේය.

රනිල්ට ඇපදීමට නීතිපති දෙපාර්තමේන්තුව විරුද්ධ වෙයි

රනිල්ට ඇපදීමට නීතිපති දෙපාර්තමේන්තුව විරුද්ධ වෙයි

ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සියලුම වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කර ඇත.

මෙම වාර්තාවලට අනුව, ඔහු දීර්ඝ කාලයක් තිස්සේ වකුගඩු රෝගී තත්ත්වයකින් පෙළෙන බවත්, හෘද වස්තුවේ පටක මිය යාම (heart tissue necrosis) සිදුව ඇති බවත්, ඊට අමතරව පෙනහළු ආසාදනයක් (pneumonia or lung infection) මේ වන විට පෙන්නුම් කරන බවත් නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

මෙම රෝග තත්ත්වයන් එකතුව ඔහුගේ ජීවිතයට බරපතල අවදානමක් මතු කර ඇති බවත්, ඔහුගේ නීතිඥ මණ්ඩලය අවධාරණය කළේය.

ඒගොල්ලෝ කිව්වේ බැඳුම්කර වංචාවට ඇතුළට දානවා කියලානේ මොනවද මේ කේස්, රනිල් මේ ලෝකේ ඉන්න නරකම මිනිහා වෙන්න පුළුවන් හැබැයි රනිල් වෙනුවෙන් මම ඉන්නවා, ගැම්මට කියන හිරුණිකා

ඒගොල්ලෝ කිව්වේ බැඳුම්කර වංචාවට ඇතුළට දානවා කියලානේ මොනවද මේ කේස්, රනිල් මේ ලෝකේ ඉන්න නරකම මිනිහා වෙන්න පුළුවන් හැබැයි රනිල් වෙනුවෙන් මම ඉන්නවා, ගැම්මට කියන හිරුණිකා

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබමින් සිටින රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය “ස්ථාවර” ලෙස විස්තර කෙරුණු නමුත්, රුධිර පීඩනය ඉහළ යාම, ඩයබටිස්, ජල වියළීම (dehydration), අඩු සෝඩියම් මට්ටම් (hyponatremia), සහ ඉහළ ක්‍රියැටිනින් මට්ටම් (elevated creatinine levels) ඇතුළු බහුවිධ සෞඛ්‍ය ගැටලුවලින් පෙළෙන බව මෙම වාර්තාවලින් තහවුරු වී ඇත.  

අධිකරණ භුමියේ උණුසුම ඉහලට පොලීසියටත් ප්‍රහාර

අධිකරණ භුමියේ උණුසුම ඉහලට පොලීසියටත් ප්‍රහාර

එක්සත් ජාතික පක්ෂයෙන් සාමය ආරක්ෂා කරන ලෙස ඉල්ලීමක්

එක්සත් ජාතික පක්ෂයෙන් සාමය ආරක්ෂා කරන ලෙස ඉල්ලීමක්