හදිසියේම වැඩබලන පොලිස්පතිවරයාගේ තටු කැපේ...

Report

අත්‍යාවශ්‍ය පරිපාලන කරුණු මත පදනම්ව පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ස්ථාන මාරු කිරීම සඳහා පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව වැඩබලන පොලිස්පතිවරයා වෙත ලබා දුන් බලය වහාම අවලංගු කිරීමට පොලිස් කොමිසම තීරණය කර ඇතැයි වාර්තා වේ.

හත් දෙනෙකු එක්ව පාසල් දැරියක් සමූහ දුෂණය කරයි.. දැරිය රෝහලේ…

හත් දෙනෙකු එක්ව පාසල් දැරියක් සමූහ දුෂණය කරයි.. දැරිය රෝහලේ…

එම බලය පාවිච්චි කරමින් වැඩබලන පොලිස්පතිවරයා විසින් ස්ථාන මාරු කළ බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් ස්ථානාධිපතිවරුන් 7 දෙනෙකුගේ ස්ථාන මාරුවීම් ද පොලිස් කොමිසම විසින් අවලංගු කර ඇත.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය. පසුගිය දෙසැම්බර් 02 දා පොලිස් කොමිස රැස්වුන අවස්ථාවේ වැඩබලන පොලිස්පතිවරයා විසින් කරන ලද දීර්ඝ කරුණු දැක්වීමකින් අනතුරුව සහ දිගින් දිගටම ඔහු විසින් කරන ලද ඉල්ලීම් පිළිබදව සලකා බලා අත්‍යාවශ්‍ය අවස්ථාවල පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ස්ථාන මාරුවීම් කිරීමේ බලය පොලිස්පතිවරයා වෙත පවරා තිබේ.

මරණය ගැන සැකයි... පොලිසිය තොරතුරු වසන් කරනවා... අලුත්ම තත්ත්වය මෙන්න (PHOTOS) (VIDEO)(UPDATE)

මරණය ගැන සැකයි... පොලිසිය තොරතුරු වසන් කරනවා... අලුත්ම තත්ත්වය මෙන්න (PHOTOS) (VIDEO)(UPDATE)

එම බලය භාවිතා කර වැඩ බලන පොලිස්පතිවරයා විසින් බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව ස්ථාන මාරු කර ඇත.

නැවත ඊයේ (03) පොලිස් කොමිසම රැස්වුන අවස්ථාවේ දී බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා ස්ථාන මාරු කිරීමට අදාල කරුණු සලකා බැලීමේ දී ඔහු වෙත කිසිදු චෝදනාවක් හෝ විනය විරෝධී ක්‍රියාවක් පිළිබඳ වාර්තා වී නැති ආකාරය නිරීක්ෂණය කර ඇත.

එමෙන්ම ඒ ආකාරයෙන් ස්ථාන මාරු කළ පොලිස් ස්ථානාධිපතිවරුන් 06 දෙනෙකුගේ ස්ථාන මාරුවීම් සම්බන්ධව ද පොලිස් කොමිස නිරීක්ෂණය කර ඇති අතර එම ස්ථාන මාරුකිරීම් පිළිබඳව ද සාධාරණ ප්‍රවේශයන් එම කොමිසම විසින් හඳුනාගෙන නැත.