මහ උළුගෙට යන්න වුණ රැඳවියෙක් අධිකරණ භූමියේදීම පැන යයි

Report

කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් බන්ධනාගාර ගතකිරීමට නියෝග කර සිටි රැදවියෙකු අද(10) දින බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී අධිකරණ භූමියෙන් පලාගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.

ඒ අනුව මෙසේ පලාගොස් ඇත්තේ කළුතර උතුර, වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය සඳහන් කර ඇත.

කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් ඊයේ (09) දින වස්කඩුව ප්‍රදේශයේ දී මෙම සැකකරුව හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 2330 ක් සමඟ අත්අඩංගුවට ගෙන කළුතර උතුර පොලිසිය වෙත ඉදිරිපත් කර ඇත.

සජබෙ ලොක්කියකුයි ශ්‍රී.ල.නි.ප ලොක්කෙකුයි අත්අඩංගුවට - හේතුව මෙන්න

සජබෙ ලොක්කියකුයි ශ්‍රී.ල.නි.ප ලොක්කෙකුයි අත්අඩංගුවට - හේතුව මෙන්න

අනතුරුව අද දින සැකකරුව කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස නියෝගකර බන්ධනාගාර නිලධාරින්ට භාරදී තිබූ බව පොලිසිය පවසයි.

එම අවස්ථාවේදී සැකකරු බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී දිවගොස් කළුතර නගරය දෙසට පලාගොස් සැගව ඇති බවට තොරතුරු ලැබී ඇතැයි වාර්තා වේ.

නරක ආරංචියක් ආයේ වාහන ගෙන්වීම පහළට - ගෙන්නපුවා මාස තුනක් ඇතුළත අලෙවි නොකළොත් ලොකු දඩයක්

නරක ආරංචියක් ආයේ වාහන ගෙන්වීම පහළට - ගෙන්නපුවා මාස තුනක් ඇතුළත අලෙවි නොකළොත් ලොකු දඩයක්

සමාජ මාධ්‍ය කළඹපූ සිගිති පාතාලේ වීඩියෝව ගැන පොලිස් විමර්ශන

සමාජ මාධ්‍ය කළඹපූ සිගිති පාතාලේ වීඩියෝව ගැන පොලිස් විමර්ශන