බන්ධනාගාරයේ අතිකාල මුදල් ගෙවීම් ප්‍රමාණය කෝටි දහයකින් වැඩිවීමක්..

By Piyumika Aug 15, 2024 03:22 AM GMT
Report

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පසුගිය වසරේදී අතිකාල හා නිවාඩු දීමනා ගෙවීමට රුපියල් කෝටි 98 කට වැඩි මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන ‌කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

අතිකාල මුදලක් ගෙවා වෙනුවෙන් මෙපමණ විශාල ඇතැයි පැවසෙන්නේ එම වියදම් දැඩි සේ පාලනය කිරීම අත්‍යවශ්‍ය බව දැනුම්දී තිබූ අවස්ථාවකදීය.

හිතා ගන්නවත් පුළුවන් ද ?..අඹ ගෙඩියට මෙච්චර මිලක්..

හිතා ගන්නවත් පුළුවන් ද ?..අඹ ගෙඩියට මෙච්චර මිලක්..

එම මුදල ඊට කලින් වසරට සාපේක්ෂව රුපියල් කෝටි දහයක පමණ වැඩිවීමක් බවද එම වාර්තාවේ දැක්වේ.

මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් පසුගිය වසරේදී බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාස පරිශ්‍රයන්හි අවස්ථා 233කදී සේවයට යොදවා තිබූ බවත් බන්ධනාගාර නියාමක නිලධාරීන්ගේ මිනිස් දින 234ක්ද ඒ වෙනුවෙන් වැය කර තිබූ බවත් ජාතික විගණන කාර්යාලය පවසයි.

සයිබර් කලාපයෙන් තවත් ශ්‍රීලාංකිකයින් 20ක් මුදා ගනී..

සයිබර් කලාපයෙන් තවත් ශ්‍රීලාංකිකයින් 20ක් මුදා ගනී..

බන්ධනාගාර පරිශ්‍රයෙන් පිටත නිලධාරින්ගේ නිවාසවලට යෙදවූ සිරකරුවන් පසුගිය වසරේ අවස්ථා හැට දෙකකදී බන්ධනාගාර වාහන නවයකින් කිලෝමීටර් 372 ක දුරක් ප්‍රවාහනය කර තිබූ බව වාර්තාව සඳහන් කළේය.

මේ අතර බන්ධනාගාර සිර මැදිරි, එළිමහන් සිර කඳවුරු, පුනරුත්ථාපන මධ්‍යස්ථාන හා ගොවිපළවල් වශයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව භාවිතයට ගෙන තිබුණු අක්කර 39 කට වැඩි ඉඩම් ප්‍රමාණයක හිමිකම පවරා ගැනීමට එම දෙපාර්තමේන්තුව කටයුතු කර නොතිබූ බව වාර්තාවේ දැක්වේ.