හිතා ගන්නවත් පුළුවන් ද ?..අඹ ගෙඩියට මෙච්චර මිලක්..

By Piyumika Aug 15, 2024 02:34 AM GMT
Report

වවුනියාවේ කෝවිලක පැවති මංගල්‍යයෙන් පසුව දෙවියන්ට පූජා කරන ලද අඹ ගෙඩියක් වෙන්දේසියේ දමා විකිණූ අවස්ථාවේදී එම අඹ ගෙඩිය රුපියල් දෙලක්ෂ අසූපන් දහසකට කාන්තාවක් විසින් ඊයේ (14) මිලට ගෙන තිබේ .

සයිබර් කලාපයෙන් තවත් ශ්‍රීලාංකිකයින් 20ක් මුදා ගනී..

සයිබර් කලාපයෙන් තවත් ශ්‍රීලාංකිකයින් 20ක් මුදා ගනී..

එම මංගල්‍යය හා දේව පූජාව පවත්වන ලද්දේ වවුනියාවේ උක්කුලාන්කුලම ශ්‍රී සිත්ති වින්යාර් කෝවිලේය.

කෝවිලේ උත්සවයට තුන් දහසක පමණ බැතිමතුන් පිරිසක් සහභාගී වී ඇති අතර, අඹ ගෙඩිය වෙන්දේසි කළ අවස්ථාවේදී එම අඹ ගෙඩිය රුපියල් දෙලක්ෂ අසූපන් දහසක මුදලකට ජර්මනියේ සිට නිවාඩුවකට පැමිණ සිටින වවුනියාව උක්කුලාන්කුලම ගම්මානයේ පදිංචි එස්. සින්ධුජා නැමති කාන්තාව මෙසේ මිලට ගෙන ඇත .

පළමු රන්දෝලි පෙරහැර අද වීදී සංචාරයේ..

පළමු රන්දෝලි පෙරහැර අද වීදී සංචාරයේ..

හින්දු කෝවිල් වල වාර්ෂික මංගල්‍යයේදී අඹ පූජාවට වෙනම දිනයක් වෙන් කෙරෙන අතර, එම පූජාවේදී දෙවියන් වෙත පූජා කරනු ලබන අඹ රැගෙන ගොස් නිවසේ තබා ගැනීමෙන් නිවසට හා එහි ජීවත්වන පුද්ගලයින්ට ආශිර්වාදයක් සිදුවන බවට හින්දු බැතිමතින් තුළ දැඩි විශ්වාසයක් පවතියි.

එම නිසා උතුරේ කෝවිල්වලදී අඹ වෙන්දේසියේ දිනයට රුපියල් ලක්ෂ ගණනින් මුදල් ගෙවා අඹ මිලට ගෙන නිවසට ගෙන ගොස් නිවසේ දෙවියන් වෙනුවෙන් වෙන් වූ කාමරයේ එල්ලා තැබීම හින්දු ජනතාවගේ සිරිතක් වී තිබේ .