බාගෙට පිච්චෙමින් තිබූ මළ සිරුර ආයෙත් රෝහලටම යයි.. - එහෙ වෙලා තියෙන දෙය..

Report

ආදාහනය කරමින් තිබූ දේහයක් සම්බන්ධයෙන් ඥාතීන් විසින් සැක පහළ කිරීමක් පිළිබඳව තොරතුරු මීරිගම ප්‍රදේශයෙන් වාර්තා වේ.

බාගෙට පිච්චෙමින් තිබූ මළ සිරුර ආයෙත් රෝහලටම යයි.. - එහෙ වෙලා තියෙන දෙය.. | Regarding A Body That Was Being Cremated

ඒ හේතුවෙන් ආදාහනාගාරයේ දැවෙමින් තිබූ මළසිරුර වැඩිදුර පරීක්ෂණයක් සඳහා වතුපිටිවල මූලික රෝහලට ගෙන ගොස් තිබෙනවා.

ඒ මීරිගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී නිව්මෝනියාව වැළදී මිය ගිය බවට වෛද්‍ය නිගමනය වූ කාන්තාවකගේ මළ සිරුරක් ය.

ඒ අනුව ආදාහනය කිරීමට ගෙන ගිය මළ සිරුර මෙසේ නැවත ගෙන ගොස් ඇත.

මෙම මිය ගිය කාන්තාව වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇගේ සමීප ඥාතියකු විසින් මාස හය හතකට පමණ පෙර වැඩිහිටි නිවාසයට ඇයව භාර කර තිබෙනවා.

එම වැඩිහිටි නිවාසය තුළ සිටියදී අදාළ කාන්තාව හදිසියේ රෝගාතූර වී ඇත.

ඒ හේතුවෙන් මීරිගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී නිව්මෝනියා රෝගී තත්ත්වය හේතුවෙන් ඇය මරණයට පත්ව ඇත.

තරුණයෙක් ඔත්පල කළ අමානුෂික පහර - දෙයියනේ.. මෙහෙම දෙයක් හිතාගන්නවත් බෑ.. සංවේදී පුවතක් මෙරටින්..

තරුණයෙක් ඔත්පල කළ අමානුෂික පහර - දෙයියනේ.. මෙහෙම දෙයක් හිතාගන්නවත් බෑ.. සංවේදී පුවතක් මෙරටින්..


අදාළ මරණය පිළිබඳව ඥාතීන්ට දැනුම් දුන්නද ඔවුන් නොපැමිණීම හේතුවෙන් ප්‍රදේශයේ මල්ශාලාවක මාර්ගයෙන් දේහය ආදාහනය ක‍ර තිබෙනවා.

එම අවස්ථාවේ දී මියගිය කාන්තාවගේ ඥාතියකු මෙම මරණය සැක සහිත බවට ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත කළ පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඒ අනුව වැඩිදුර පරීක්ෂණයක් සිදු කිරීමට‍ පොලිසිය පියවර ගෙන ඇත.

Sponsored By Sarrita Jewellery

බාගෙට පිච්චෙමින් තිබූ මළ සිරුර ආයෙත් රෝහලටම යයි.. - එහෙ වෙලා තියෙන දෙය.. | Regarding A Body That Was Being Cremated