ඉන්දියාවේ ලේ හෙල්ලූ ඔර්නබ් සුළි කුණාටුව ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙයි - ලංකාවටත් සැනසුමක් - රතු එළි ඉවතට
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ඉන්දියාවේ උතුරු වෙරළබඩ ආන්ද්ර ප්රදේශය අශ්රිතව පැවති “ඔර්නබ්” (Arnab) සුළි කුණාටුව, මේ වන විට, ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වී ඇති බවයි.
ඒ අනුව මෙම පද්ධතිය තවදුරටත් ආසන්න ලෙස උතුරු දෙසට ගමන් කරමින්, අද (29) දින උදෑසන වන විට පීඩන අවපාතයක් දක්වාත්, අද ප.ව. 5.30 වන විට අඩු පීඩන කලාපයක් දක්වාත් දුර්වල වීමට ඉතා වැඩි ඉඩකඩක් පවතින බව එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්රදේශයට මෙම පද්ධතියේ බලපෑම අද දිනය තුළ දී ක්රමයෙන් අඩු වනු ඇති බව වාර්තා වේ.
තවද අඳාළ නිවේදනයේ බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්රදේශවල බහුදින ධීවර බෝට්ටු සහ නාවික ක්රියාකාරකම් වැළැක්වීමට නිකුත් කරන ලද අනතුරු ඇඟවීම ඉවත් කරන බවත් එම සඳහන්.
එසේම දිවයින වටා වන මුහුදු ප්රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් දැක්වේ.
සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ.
එමෙන්ම පුත්තලම සිට කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 45 දක්වා ඉහළ යා හැකි බව සඳහන්.
පුත්තලම සිට කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්රදේශ විටින් විට තරමක් රළු විය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්රදේශවල තාවකාලිකව තද සුළං (පැ.කි.මී. 60-70) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බව අඳාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.