කටුනායක හෙල්ලෙයි - රු. කෝටි 45කට අධික මෙතෙක් අත්අඩංගුවට ගත් විශාලතම මත්පෙති තොගය

Report

රුපියල් මිලියන 454ක (රු. කෝ. 45කට අධික) ඇස්තමේන්තුගත වෙළෙඳපොළ වටිනාකමකින් යුත් කොකේන් සහ එක්ස්ටසි මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු රේගු භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඊයේ (28) දින ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශ නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපොළේ සිදුකළ පරීක්ෂාවකදී සැකකරු සමඟ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකිව ඇත.

වෘත්තියෙන් ඉංජිනේරුවෙකු වන 46 හැවිරිදි මෙම ඉන්දීය ජාතිකයා, පැරිස් සිට දෝහා හරහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සඳහන්. ඒ අනුව වැඩිදුර පරීක්ෂාව සඳහා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මෙම මගියා රඳවා ගෙන ඇති බව පවසයි.

උදෑසන 5.30 ට නිකුත් කළ නිවේදනයක් - සුළි කුණාටු අවසන්.. නවතම තත්ත්වය සුබ වෙන ලකුණු

උදෑසන 5.30 ට නිකුත් කළ නිවේදනයක් - සුළි කුණාටු අවසන්.. නවතම තත්ත්වය සුබ වෙන ලකුණු

අඳාළ මගියාගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය සොයාගැනීමට හැකිවී ඇති අතර, වැඩිදුර පරීක්ෂාවේදී ඒවා කොකේන් සහ එක්ස්ටසි මත්ද්‍රව්‍ය බවට හඳුනාගෙන ඇත.

එමෙන්ම අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයට කොකේන් ග්‍රෑම් 5,121ක් ඇතුළත් අතර, එහි ඇස්තමේන්තුගත වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 256ක් බව සඳහන්.

එසේම ග්‍රෑම් 13,173ක බරින් යුත් එක්ස්ටසි මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති අතර, එය පෙති 23,000කට ආසන්න බවත් එම තොගයේ ඇස්තමේන්තුගත වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 198ක් බවත් වාර්තා වේ.

මුළු රටේම උඩු දුවන ගෑස් ප්‍රශ්නෙට ලිට්‍රෝ ගෑස් වෙතින් විසඳුම් - නවතම තත්ත්වය මෙන්න

මුළු රටේම උඩු දුවන ගෑස් ප්‍රශ්නෙට ලිට්‍රෝ ගෑස් වෙතින් විසඳුම් - නවතම තත්ත්වය මෙන්න

මෙම මත්පෙති තොගය ශ්‍රී ලංකාව තුළ මෙතෙක් අත් අඩංගුවට ගත් විශාලතම මත්පෙති තොගය බවට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පවසන බව සඳහන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව විසින් මූලික විමර්ශන සිදුකරනු ලබන අතර, ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා සැකකරු, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ අනෙකුත් අදාළ නඩු භාණ්ඩ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදීමට නියමිතව ඇත.  

ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අනතුරට - කුරුල්ලෙකු ගැටීම නිසා ගුවන් යානයේ දෝෂයක් - අනූනවයෙන් බේරුණු ගුවන් යානය

ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අනතුරට - කුරුල්ලෙකු ගැටීම නිසා ගුවන් යානයේ දෝෂයක් - අනූනවයෙන් බේරුණු ගුවන් යානය