තරුණයෙක් ඔත්පල කළ අමානුෂික පහර - දෙයියනේ.. මෙහෙම දෙයක් හිතාගන්නවත් බෑ.. සංවේදී පුවතක් මෙරටින්..

Report

තරුණයෙක්ට කළ අමානුෂික පහර දීමක් හේතුවෙන් මාස ගණනාවක් කිසිවක් කරකියා ගත නොහැකිව ඔත්පලව සිටින පුවතක් හික්කඩුව, වැල්ලවත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ.

තරුණයෙක් ඔත්පල කළ අමානුෂික පහර - දෙයියනේ.. මෙහෙම දෙයක් හිතාගන්නවත් බෑ.. සංවේදී පුවතක් මෙරටින්.. | A Brutal Attack On A Young Man

අදාළ එම තරුණයා නවාංජන සඳකැලුම් වන 18 වියෙහි පසුවන පුද්ගලයෙක් ය.

යම් කිසි පිරිසක් විසින් පසුගිය වසරේ දී ඔක්තෝම්බර් 20 වැනිදා හික්කඩුව නගරයේ දී සංගීත සංදර්ශනයක දී ඇති වූ මතභේදයක් හේතුවෙන් ඔහුගේ  හිසට පහර දී තිබෙනවා.

එම කළ පහරදීමෙන් නවාංජනගේ හිසට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් ඔහු මේ වන විට කිසිවක් කරකියා ගත නොහැකිව දැඩි සේ රෝගී තත්ත්වයට පත්ව ඇත.

ඔහුට හුස්ම ගැනීමට සිදුව ඇත්තේ නළ මාර්ගයෙන් වන අතර ආහාර ලබා දෙන්නේ ද නළ මාර්ගයෙන් වේ.

මාස තුනකට පෙර නවාංජනට සිදුකළ සැත්කමකින් ඔහුගේ හිස්කබලේ කොටසක් ඉවත් කර තිබෙනවා.

එමෙන්ම වෛද්‍යවරුන් තීරණය කර ඇත්තේ එලෙස ඉවත් කළ හිස් කබලේ කොටස නැවත ශල්‍යකර්මයකින් සකස් කිරීමටයි.

නමුත් ඔහුගේ ශරීරය දුර්වල තත්ත්වයේ පැවතීම හේතුවෙන් එය සිදුකිරීම ද අසීරු වී තිබෙනවා.

Sponsored By Sarrita Jewellery

තරුණයෙක් ඔත්පල කළ අමානුෂික පහර - දෙයියනේ.. මෙහෙම දෙයක් හිතාගන්නවත් බෑ.. සංවේදී පුවතක් මෙරටින්.. | A Brutal Attack On A Young Man