ඉදිරි පැය කිහිපයේ දී අධි ගංවතුරක් - මේ ප්‍රදේශවලට රතු නිවේදන
දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලෙමින් පවතින සැලකිය යුතු වර්ෂා තත්ත්වය හා දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු මඟින් මේ වනවිටත් තත්පරයට ඝණ අඩි 77,400ක් තරම් ශීඝ්‍රතාවයකින් දැදුරු ඔයට ජලය මුදාහරිමින් පවතින බව වාර්තා වේ.
ඒ අනුව රතු නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව දක්වා ඇත්තේ ඉදිරි පැය කිහිපය තුළ එම ප්‍රදේශයේ පවතින ගංවතුර තත්ත්වය අධි ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වන බවයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලමාපකවල කියවීම් අනුව මෙම අධි ගංවතුර තත්ත්වයෙන් දැදුරු ඔය ද්‍රෝණියේ පිහිටි වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් දැදුරු ඔය ද්‍රෝණියේ පහළ නිම්නයේ ප්‍රදේශවලට බලපෑම් ඇති වන බව සඳහන්.
විශේෂයෙන්ම දැදුරු ඔය ද්‍රෝණියේ පහත සඳහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් ග්‍රාම නිලධාරි කොට්ඨාශයන්හි දැදුරු ඔය ද්‍රෝණියේ පහළ නිම්නයේ ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපය තුළ අධි ගංවතුරක් ඇති වන බව පෙන්වා දෙයි.
එබැවින් මේ තත්ත්වය සම්බන්ධයෙන් ඉතා දැඩි සැළකිල්ලකින් කටයුතු කරන මෙන් එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රවේශ මාර්ග හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
ඒ අනුව අධි ගංවතුර තත්ත්වයෙන් බලපෑම් එල්ල වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පහතින්,
