ආයෝජන ගෙන්න තුර්කියේ විශාලතම සමාගමක් සමඟ අමාත්‍ය විජිත හේරත් සාකච්ඡා
තුර්කියේ පෙන්තෝල් සමූහයේ සහ ඇමෙරොන් එනර්ජීස්හි ව්‍යාපාරික දූත පිරිසක් සහ අමාත්‍ය විජිත හේරත් අතර හමුවක් අමාත්‍යංශයේ දී ඊයේ (05) පැවැත්විණ.
මෙම හමුවේ දී තුර්කි රාජ්‍යයේ විශාලතම සමාගමක් වන පෙන්තෝල් සමාගමේ නියෝජිතවරැ කියා සිටියේ නව රජය බලයට පත්වීමෙන් පසු ඇතිවී තිබෙන ආයෝජන හිතකාමී පරිසරය සහ ඒවා සාර්ථක කරගැනීමේ කටයුතු වලදි කිසිම බාධාවලින් තොරව කරගැනීමට ඇති හැකියාව පිලිබඳව දැනගන්නට ලද බවයි.
තුර්කියේ ආයෝජකයන් විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සූදානමින් සිටින බවත් ඒ සඳහා පවතින ආයෝජන අවස්ථාවන් පිලිබඳව දැනගැනීමට තුර්කි ව්‍යාපාරික දූත පිරිසේ මෙම සංචාරයේ අරමුණ වූ බවයි.
ශ්‍රී ලංකාවේ වෙළඳ හා ආයෝජන අවස්ථා සඳහා තුර්කි සමාගම් අතර වර්ධනය වී ඇති උනන්දුව අමාත්‍යතුමා පැසසුමට ලක් කළ අතර බලශක්ති, සංචාරක, ඖෂධ, ඉදිකිරීම් සහ කැණීම් ක්ෂේත්‍රයන්හි විභව ආයෝජන අවස්ථා පිළිබඳව අමාත්‍යතුමා පෙන්වා දුන්නේ ය.
විශේෂයෙන් ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව අමාත්‍ය විජිත හේරත් පෙන්වා දුන් අතර ශ්‍රී ලංකාව ආයෝජන හිතකර ආර්ථිකයක් බවට පත්ව ඇතැයි ද වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ මූලෝපායික පිහිටීම සහ ආයෝජකයන් ආරක්ෂා කිරීමට නව රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය වෙනස්කම් ද පැහැදිලි කළේ ය.
පෝට්සිටි ව්‍යාපෘති පිලිබඳවත් ආයෝජකයනට එහි ලැබෙන ප්‍රතිලාභ පිලිබඳවත් විස්තර කළේ ය. මෙම සාකච්ඡාව රටේ සංවර්ධන සැලැස්මට සහාය වීම සඳහා ආර්ථික රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයේ කොටසකි.


