ආයේ මේ විදිහට වාහන පදින්න බෑ - නීති දෙකක් එක පාර ක්‍රියාත්මකයි
අද (29) පැවති මාධ්‍ය හමුවකදී රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. ජී. ජේ. සේනාධිර මහතා විශේෂ කරුණු කීපයක් අවධාරණය කළේය.
ඒ අනුව ඉදිරියේදී මත්ද්‍රව්‍ය හෝ මත්පැන් භාවිතයෙන් රිය අනතුරු සිදුකරන රියකරුන්ට සම්බන්ධව, රථවාහන නීතියට අමතරව අපරාධ නීතිය යටතේත් කටයුතු කිරීමට උපදෙස් ලබා දී ඇති බවප්‍රකාශ කළේය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ගිය වසරේ සාපේක්ෂව මෙම වසරේ මාර්ග අනතුරු සංඛ්‍යාව වැඩිවී ඇති බවයි. මෙම වර්ධනය ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතයෙන් ඇතිවන රිය අනතුරු නිසා බව ඔහු අවධාරණය කළේය.
එමෙන්ම, එවැනි අනතුරු වැළැක්වීම සඳහා රිය අනතුරු සිදුකරන රියකරුවන්ට දැඩි පියවර ගන්නා බවත්, නීතිය කඩිනමින් ක්‍රියාත්මක කර ඇති බවත් ඔහු මාධ්‍ය හමුවේ අවධාරණය කළේය.