වාහන ආනයනයට සුදානමක්...

Sri Lanka Sri Lanka Cabinet Nalin Fernando Department of Motor Vehicles
By Hashini Oct 13, 2023 04:35 AM GMT
Hashini

Hashini

Report

වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ පුර්ණ ලෙස සියළුම වාහන ආනයනය කිරීමට අවසර ලබා දීම සඳහා වූ ප්‍රතිපත්ති සම්පාදනය කර ඇති බවයි.

වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ ප්‍රතිපත්ති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා පවසනවා.

වෙළෙඳ අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා, 

වාහන ආනයනය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වනවා.

විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලය තුළ විශාල වශයෙන් සාකච්ඡා පවතිනවා.

පොදු සහ ප්‍රවාහන කටයුතු, සංචාරක කටයුතු සඳහා අවශ්‍ය වාහන ගෙන්වන්න පසුගිය කාලයේ අවසර දෙනවා කියලා කිව්වා.

ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිය මේ වෙනකොට හදන්න කටයුතු කරලා තිබෙනවා.

ReeCha