වැඩි පඩියට රජයෙන්ම ජපන් යන්න චාන්ස් එකක් - මෙන්න රැකියා ලැබෙන ක්ෂේත්‍රයන්

Report

ශ්‍රී ලංකාවේ පවතින අස්ථාවර ආර්ථික තත්ත්වයත් සමඟ තරුණ ප්‍රජාව වැඩි වශයෙන් විදෙස්ගත වීමට තීරණය කර තිබේ. ඒ අනුව ජපානය වැනි සංවර්ධිත රටවල් ඔවුන්ගේ මූලික ඉලක්කය වන අතර රජයද අනුග්‍රහය දැක්වීම සඳහා විවිධ පියවර ගනී.

රජයෙන් සුබ පණිවිඩයක්, මේ අය 1000ක ට රජයේ ස්ථීර රැකියා

රජයෙන් සුබ පණිවිඩයක්, මේ අය 1000ක ට රජයේ ස්ථීර රැකියා

ඒ අනුව ජපානයේ රැකියා සඳහා යොමුවීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින්ගේ භාෂා හැකියාව හා පුහුණු කටයුතු වැඩිදියුණු කිරීම තුළින් රැකියා අපේක්ෂිතයින්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගනිමින් සිටින බව එම කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක මහතා ප්‍රකාශ කළේය.

මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය නිරතවන IM Japan ආයතයේ සභාපති කිමුරා හිසයොෂි හා එහි කළමනාකරණ අධ්‍යක්ෂක ෆුකගාවා මසහිකෝ යන මහත්වරුන් ඊයේ (28) කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වයේ නිලධාරීන් හමුවූ අතර, එහිදී සේනානායක මහතා මේ අදහස් පවසා තිබේ.

ආයේ මේ අයට රියදුරු බලපත්‍ර තිබ්බට මේ වාහන පදින්න බෑ - රජයෙන් දැනුම්දෙයි

ආයේ මේ අයට රියදුරු බලපත්‍ර තිබ්බට මේ වාහන පදින්න බෑ - රජයෙන් දැනුම්දෙයි

ශ්‍රී ලාංකිකයින්ට ජපානයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ ඉහළ ඉල්ලුමක් පවතින බැවින්, සාත්තු සේවා පුහුණුලාභීන් ප්‍රමාණය වැඩි කිරීම සුදුසු බව IM Japan ආයතනයේ සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළ අතර, ඒ සඳහා පුහුණු සංචිතයක් පවත්වාගෙන යාම සුදුසු බව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

එසේම විශේෂ නිපුණතා සහිත රැකියා (SSW) සඳහා කුසලතා පරීක්ෂණයට අදාළ ඉගැන්වීමේ කටයුතු කාර්යාංශය හරහා සිදුකිරීමට IM Japan ආයතනයේ සහාය ලබාදීමටද කිමුරා මහතා මෙහිදී එකඟතාවය පළකර තිබේ.

නාමල් අද අධිකරණයට - අත්අඩංගුවටද යන්නේ?

නාමල් අද අධිකරණයට - අත්අඩංගුවටද යන්නේ?

එසේම මෙම වැඩසටහන පිළිබඳ තොරතුරු හා එහි වටිනාකම පිළිබඳ ජ්‍යෙෂ්ඨ පුහුණුලාභීන් හරහා නව රැකියාලාභීන් වෙත ලබාදී ඒ මඟින් මෙම වැඩසටහනට යොමු වන අයදුම්කරුවන් ප්‍රමාණය වැඩිකර ගැනීමට හැකියාව පවතින බවත් දැනටමත් වැඩිපිරිසක් ජ්‍යෙෂ්ඨ පුහුණුලාභීන්ගේ සහ ශ්‍රමිකයන්ගේ අනුදැනුම මත මෙම වැඩසටහන සඳහා සහභාගී වී ඇති බවත් කාර්යාංශ සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවේදී ඊයේ දින තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් ලෙස ජපානය බලා පිටත්ව ගිය පුහුණුලාභීන් 12 දෙනෙකු සඳහා සහ විශේෂ නිපුණතා සහිත ශ්‍රමික වැඩසටහන යටතේ අගෝස්තු 03 දින විදේශ ගතවීමට නියමිත රැකියාලාභීන් 8 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීමද සිදුවිය.

මීට පස්සේ මේ අයට ගුරු මාරු නොදුන්නොත් වැඩ වරදියි, ආයේ නහයෙන් ඇඬුවා කියලා වැඩක් නෑ

මීට පස්සේ මේ අයට ගුරු මාරු නොදුන්නොත් වැඩ වරදියි, ආයේ නහයෙන් ඇඬුවා කියලා වැඩක් නෑ

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා IM Japan ආයතනය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලාංකිකයින්ට මෙම රැකියා අවස්ථා හිමිවන අතර, මෙම රැකියා වැඩසටහන යටතේ තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් ලෙස 600 දෙනෙකු හා විශේෂ නිපුණතා සහිත රැකියා වැඩසටහන යටතේ 51 දෙනෙකු සඳහා රැකියා අවස්ථා හිමිවී තිබේ.

පොලිස් සේවයට පුරප්පාඩු 1000 ක ඉක්මන් බඳවා ගැනීමක්

පොලිස් සේවයට පුරප්පාඩු 1000 ක ඉක්මන් බඳවා ගැනීමක්

එම නිසා තරුණ තරුණයන්ට මෙම අවස්ථාවෙන් උපරිම පල ප්‍රයෝජන ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.