නිරුවත් කර දන ගස්සවා ඡායාරූ ගත් රත්නපුර පොලිස් ලොක්කා ගැන අමුතුම හෙළිදරව්වක්..

Police Attack Gotabaya Rajapakshe Rathnapura dig Neelakandan
By Aruna Nov 03, 2021 04:46 AM GMT
Aruna

Aruna

Report

රත්නපුර කිරිඇල්ල මාර්ගයේදී පුද්ගලයකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැනටමත් දඬුවම් ස්ථාන මාරුවීමක් පමණක් ලබා සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු විසින් අදාළ පුද්ගලයාට පොලිස් ස්ථානයක් තුල දී වධහිංසා පැමිණවීම සහ ලිංගික අපයෝජනය කළ බවට ලිපියක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත්තේ, නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පහරදීම්ට ලක් වූ පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටින නිලකන්දන් සහ නීලකන්දන් යන නීති සමාගම විසින්.

එම ලිපිය මගින් අදාල නීති සමාගම ජනාධිපතිවරයාට දන්වා ඇත්තේ, සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නිසි පියවර ගෙන තම සේවාදායකයාට සාධාරණය ඉටු කර දෙන ලෙසයි.

සබරගමුව පලාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු යම් පුද්ගලයෙකුට මහ මගදී පහරදෙන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝ දර්ශනවල සටහන්ව තිබුණා.

මෙම සිද්ධියට අදාලව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෛද්‍ය සේවා සහ සුබසාධන කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කිරීමක් පමනක් කර තිබුනේ මෙම සිදුවීමට දඬුවම් වශයෙනුයි.

කෙසේ වෙතත්, නීලකන්දන් සහ නීලකන්දන් නීති සමාගම ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියේ සඳහන් වන්නේ, ඔවුන්ගේ සේවාදායකයා මහමග ඇති වූ මෙම සිදුවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන කිරිඇල්ල පොලිස් ස්ථානය වෙත ගෙන ගොස් එහි කාමරයක් තුළදී දරුණු වධ හිංසාවන්ට ලක් කර ඇති බවයි.

එහි දී සිය සේවා සේවාදායකයා නිරුවත් කර කාමරය තුළ දණ ගැසීමට බල කර ඇති බවත් ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති ලිපියේ සඳහන්.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා නිලධාරීන් තිදෙනකු ඉදිරියේ සිය සේවාදායකයාට පහර දීමෙන් අනතුරුව ඔහු නිරුවතින් සිටි ඡායාරූප ගෙන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඔහුට නින්දා අපහාස කරන බවට තර්ජනය කර ඇති බව ද නීලකන්දන් සහ නීලකන්දන් නීති සමාගම ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියේ සඳහන්.

එම ලිපියේ තවදුරටත් දක්වා ඇත්තේ, මෙම සිදුවීම් සියල්ල සිදුවන අතර වාරයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුගේ මුවින් මත්පැන් ගඳ වහනය වූ බවට සිය සේවාදායකයා චෝදනා කරන බවටයි.

එමෙන්ම පොලිස් නිලධාරින් විසින් බලහත්කාරයෙන් ලබා ගත් ඔහුගේ ජංගම දුරකතනය ද ඔහුට ලබාදී ඇත්තේ පැය ගණනාවකට පසුව බව අදාල නීතිඥ සමාගම මෙම ලිපිය හරහා ජනාධිපතිවරයාට පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් අනතුරුව සිය සේවාදායකයා කිරිඇල්ල ග්‍රාමීය රෝහලට ඉදිරිපත් කර එම වෛද්‍ය වෛද්‍යවරයාට බලපෑම් සිදු කර පොලිසිය තුළදී පහරදීමක් සිදුව නොමැති බවට වාර්තාවක් ද සකස් කර ඇති බවටත් මෙම ලිපියේ සඳහන්.

මෙම සිද්ධියත් සමඟ තමන්ගේ සේවාදායකයා සහ ඔහුගේ පවුලේ අය බරපතළ මරණ බියකින් පසුවන බව අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් අතර පිටු 6කින් සමන්විත ජනාධිපතිවරයා වෙත යොමු කළ සම්පූර්ණ ලිපිය පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGallery