අතිශය භයානක තත්ත්වයක්..තවත් දිස්ත්‍රික්කයකට මී උණ පැතිර යයි..!

Report

වවුනියාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ, යාපනයේ පැතිරෙමින් තිබූ මී උණ රෝගය මේ වනවිට වවුනියාවට ව්‍යාප්ත වී තිබෙන බවයි.

මේ බව අනාවරණය වී ඇත්තේ, වවුනියාව, තාලිකුලම ප්‍රදේශයේ පුද්ගලයෙකුට උණ රෝගය වැළදීමෙන් පසුව ප්‍රතිකාර සඳහා වවුනියාව රෝහලට ඇතුළත් වීමෙන් පසුවයි.

එම රෝගියාගේ සිදුකළ රුධිර පරීක්ෂණයකදී ඔහුට මී උණ වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා. වාර්තා වන්නේ, එම නිසා එම රෝගියා වවුනියාව මහ රෝහලේ සිට යාපනය ශීක්ෂණ රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකය වෙත වෙත මාරු කොට යවා ඇති බවයි.

පාසල් ළමුන්ට සුභම සුභ කාලයක් - විශේෂ දීමනාවක් ළඟදීම අතට - ලැබෙන ගාණත් කියයි..

පාසල් ළමුන්ට සුභම සුභ කාලයක් - විශේෂ දීමනාවක් ළඟදීම අතට - ලැබෙන ගාණත් කියයි..

එහිදී යාපනය ශීක්ෂණ රෝහලෙන් වවුනියාව මහ රෝහල වෙත දැනුම් දී ඇත්තේ එම රෝගියාට නියත වශයෙන්ම මී උණ රෝගය වැළදී ඇති බවයි. එබැවින් එම ප්‍රදේශයේ මී උණ මර්දනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි දන්වා ඇත්තේ.

රෝගය වැළදුණු පුද්ගලයා 46 හැවිරිදි ගොවියෙක් බව පැවසෙනවා. ඔහු කුඹුරු වැඩ කිරීමට ගිය අවස්ථාවේදී මී උණ වැළඳෙන්නට ඇති බවයි සෞඛ්‍ය නිලධාරීන් විශ්වාස කරන්නේ. සෞඛ්‍ය අංශ පවසන්නේ, එම ප්‍රදේශයේ මී උණ රෝගය මර්දනයට අවශ්‍ය පියවර අනුගමනය කරමින් තිබෙන බවයි.

ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි වූ ගමන්ම බෙහෙත් ගන්න ඕනද..?;කොලෙස්ටරෝල් ගැන හරියටම දැනගෙන ජීවිතය රැක ගනිමු..!

ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි වූ ගමන්ම බෙහෙත් ගන්න ඕනද..?;කොලෙස්ටරෝල් ගැන හරියටම දැනගෙන ජීවිතය රැක ගනිමු..!

……………………………………………………………………

You may like this video 👇