නේපාල අගමැති සටනට රැප් ගායකයෙක්
නේපාලයේ කත්මණ්ඩු අගනුවර නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ බලේන්ද්ර ෂාහ් ඉදිරි මහා මැතිවරණයේ ප්රධාන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්ව ඇත. ඔහු බලේන් ලෙස ප්රකට බලේන්ද්ර එරට හිටපු රැප් ගායකයෙකි.
තවද හිටපු අගමැතිවරුන් වන ෂර්මා ඕලි සහ පුෂ්ප කමල් දාල් ඔහුගේ ප්රධාන ප්රතිවාදී අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් ව තිබෙන බව වාර්තා වේ.
ඒ වගේම ජන අරගලය නේපාලයේ පැවති රජය පෙරළා දමා ඇත්තේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදීය.
එරට හිටපු අගමැති KP ෂර්මා ඕලි ධුරයෙන් ඉල්ලා අස්ව තිබේ .
තවද හිටපු අගවිනිසුරු සුෂිලා කර්කි එරට වත්මන් වැඩබලන අගමැතිවරයා ලෙස කටයුතු කර තිබෙන බව සදහන් වේ.
හිටපු රැප් ගායකයෙක් ලෙස ප්රකටව සිටි කත්මණ්ඩු නගරාධිපති බලේන්ද්ර ෂාහ් මේ වනවිට නිවේදනය කර තිබෙනුයේ ඉදිරි මහා මැතිවරණයට ඉදිරිපත් වන බවයි.
තවද බලේන් ලෙස තරුණ ප්රජාව අතර පවා ප්රකටව සිටින 35 හැවිරිදි බලේන්ද්ර මැතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ රාශ්ට්රීය ස්වතන්ත්රා පක්ෂයෙනි.
ඒ අනුව කත්මණ්ඩු නගරාධිපති ධුරයෙන් ඉවත්ව සිය අපේක්ෂකත්වය නිවේදනය කළ අවස්ථාවට විශාල පිරිසක් ද එක්ව තිබුණි.
ගිනිකොනදිග මධේෂ් ප්රාන්තයේ ජනක්පූර් හිදී මෙම උත්සවය පවත්වා තිබූ අතර බලේෂ් මෙවර මැතිවරණයට ඉදිරිපත් වන්නේ ඉන්දියානු දේශසීමාසන්නයේ පිහිටි ජපා 5 කලාපයෙන්ය.
මෙම මැතිවරණයේදී ඔහුගේ ප්රධාන ප්රතිවාදීන් ලෙස හිටපු අගමැති ෂර්මා ඕලි සහ පුෂ්ප කමල් දාල් ඉදිරිපත්ව තිබේ .
මෙම නේපාල මහා මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන මාර්තු මස 5 වැනිදාය.