රංජන් ප‍්‍රසිද්ධියේ සමාව ගෙන පිටරට පදිංචියට යයි?!!..දේශපාලනයෙනුත් ඉවත් වෙයි!!

Australia Sri Lanka Political Prison Ranjan ramanayake Gotabaya Rajapakshe
By Aruna Feb 12, 2022 10:54 PM GMT
Aruna

Aruna

Report

බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් විඳිමින් සිටින රංජන් රාමනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපති සමාව යටතේ නිදහස් නොවීම ගැන බරපතළ කනස්සල්ලකින් සිටින බව වාර්තා වනවා.

මෙවර නිදහස් දිනයේ දීද ඔහුට නිදහස හිමි නොවීම සම්බන්ධයෙන් ඔහු යම් තරමකට කේන්තියකින් සිටිනා බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

තමන්ගේ කට ගැන ලැජ්ජා වන බවත් සිදුකළ ප්‍රකාශ ප්‍රසිද්ධියේ කනගාටුව ප්‍රකාශ කර සමාව ගැනීමටවත් සූදානම් බවත් ආසන්න දිනවල ඔහුගේ සුවදුක් බැලීමට යන අය සමග පවසන බවද දැනගන්නට තිබේ.

මේ අතර වාර්තා වන්නේ රාමනායක හිටපු මන්ත්‍රීවරයා නිදහස් ලද පසු නැවත දේශපාලනයෙන් නොකරන්නට තීරණය කර ඇති බවයි.

ඔහු ඕස්ට්‍රේලියාවේ දීර්ඝ කාලයක් පදිංචිය සඳහා යාමට සූදානම් වී සිටින බවද සදහන්ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now