අභිනව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට දින සිදුකිරිමට නියමිත විශේෂ කටයුත්ත..

Parliament of Sri Lanka Ranil Wickremesinghe Sri Lanka Politician Sri Lanka President of Sri lanka
By krishani Jul 20, 2022 09:24 AM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා හෙට (21) උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණයේදී දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර අද පාර්ලිමේන්තුවේ දී තමා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ අවස්ථාව සභාගර්භයෙන් පිට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සිදුකරන ලෙස ද රනිල් වික්‍රමසිංහ මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

අද (20) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා පවසා සිටියේ වසර 45ක පාර්ලිමේන්තු ජීවිතය තුළ තමාට පාර්ලිමේන්තුවෙන් ලද ගෞරවයට ස්තූතිවන්ත වෙන බවය.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join