අභිනව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී සිදුකළ ඉල්ලීම..

Ranil Wickremesinghe President of Sri lanka
By krishani Jul 20, 2022 07:48 AM GMT
krishani

krishani

Report

8වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශයක් සිදු කළ අතර එහිදී ඒ මහතා විශේෂ ඉල්ලීමක් සිදු කළේ ය.

ඒ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ දී සිදු කිරීමට අවසර දෙන ලෙසටයි.

තමා වෙනුවෙන් ක්‍රියා කළ සියලු දෙනාට ස්තුති කළ නව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ජනතාව ඉල්ලා සිටින්නේ පරණ දේශපාලනය නොවන බවය.

එමෙන්ම සියලු දෙනා එකතු වී කටයුතු කරමු යැයි ඩලස් අලහප්පෙරුම , අනුර කුමාර , සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගෙන් මෙන්ම හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන අයගෙන් ද එම ඉල්ලීම සිදු කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join