"රනිල් වික්‍රමසිංහ දොස්තර මහත්තයෙක්ට පෙන්වන්න වෙයි" (VIDEO)

Ranil Wickremesinghe Sri Lanka Politician Sri Lanka Sinhala news
By Kaushi Apr 30, 2025 09:34 AM GMT
Kaushi

Kaushi

Report

 "රනිල් වික්‍රමසිංහ මහතාව පෙන්වන්න ඕනේ ඉක්මනට දොස්තර මහත්තයෙක්ට. ඒ තරමට මොළේ පොඩ්ඩක් අවුල් වෙලා තියෙන්නේ" යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කොළොන්නාවේ පැවති ජන හමුවකදී පැවසුවේය.

පළාත් පාලන මැතිවරණය ගැන මෙන්න දැන් කියපු විශේෂ නිවේදනය

පළාත් පාලන මැතිවරණය ගැන මෙන්න දැන් කියපු විශේෂ නිවේදනය

ඒ රනිල් වික්‍රමසිංහ මහතා පෙර දිනකදී පැවසූ බවට සඳහන් "මැයි 1 දා මාලිමාවේ අය කොළඹ ගිය විට ඔවුන් ගමේ බලය අල්ලා ගන්නා බවට කළ ප්‍රකාශයකට විරුද්ධවයි.

ඔ‍හු එහිදී තවදුරටත් සඳහන් කළේ තවමත් මාලිමාවට ඡන්දය දුන්නේ නැති අයවත් එකතු කර ගෙන මෙවර පළාත් පාලන මැතිවරණයෙදි 70% ක දැවැන්ත ජයග්‍රහණයක් කිරීමට බලාපොරොත්තු වෙන බවයි.

බිරිද එක්ක තරහා වෙලා දියණියගේ බෙල්ල කපපු නරුම පියා

බිරිද එක්ක තරහා වෙලා දියණියගේ බෙල්ල කපපු නරුම පියා

මේ ඡන්දය තම පක්ෂයට කිසිදු දුෂ්කරතාවයකින් තොරව ජයග්‍රහණය කළ හැකි බවත් දැන් ඇත්තේ පක්ෂ නොව කල්ලි බවත් ප්‍රකාශ කළේය. 


ReeCha