රනිල් අද අධිකරණයට - ආයෙත් ඇවිස්සුණු රනිල්ගේ නඩුව

Report

අද (29) දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුව යළි කැඳවීමට නියමිතව ඇත.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පොදු දේපළ පනත යටතේ චෝදනා එල්ල වීමට හේතුව වන්නේ ඔහු ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධාන උත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාමට රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන්ය.

ෆොන්සේකාට හා රන්ජන්ට රජයේ ලොකු තනතුරු ?

ෆොන්සේකාට හා රන්ජන්ට රජයේ ලොකු තනතුරු ?

ඒ අනුව ප්‍රකාශයක් ලබා දීම සඳහා පසුගිය අගෝස්තු මස 22වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තීන්දුව ලබා දුන්නේය.

ඉන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරව සිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය මත ඔහුව බන්ධනාගාර රෝහලටත් ඉන් අනතුරුව කොළඹ මහ රෝහලටත් ඇතුළත් කළේය.

රන් මිල ලක්ෂ තුනකින් පහලට අද ගන්න හොදම දවසයි

රන් මිල ලක්ෂ තුනකින් පහලට අද ගන්න හොදම දවසයි

පසුව ඔහුගේ පාර්ශවයෙන් ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය හිටපු ජනාධිපතිවරයා රුපියල් ලක්ෂ 50 බැගින් වු ශරීර ඇප තුනක් යටතේ මුදාහැරීමට නියම කළ අතර නඩුවිභාගය අද දිනයේ යළි කැඳවීමට නියෝග කළාය.