හිටපු ජනපති රනිල් මත්පැන් සම්බන්ධයෙන් ඓතිහාසික තීන්දුවක් ගනී..එම විශේෂ නිවේදනය මෙන්න.
නිදහසින් පසු 2022 වසර දක්වාම සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමේදී රජය කිසිදු මුදලක් අය නොකළ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.
ඒ වන විටත් රටේ සෘජු බදු විශාල ලෙස අහිමි වීමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කරමින් තිබූ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
රටේ පැවති දැඩි ආර්ථික බංකොලොත් භාවයෙන් ගොඩ ඒම සඳහා සුදුසු පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභාව ඒ වනවිට රජයට දැනුම් දී තිබූ බවද සඳහන් වන්නේ.
ඒ අනුව, සෘජු බදු සීඝ්‍ර ලෙස අහිමි වීමට විකල්ප වශයෙන් රජයේ ආදායම වැඩිකර ගැනීමට මුදල් අයකර සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කරනු ලැබූ බවද එම නිවේදනයේ සඳහන්.
මේ කරුණු ඇතුළත් නිවේදනය පහත පරිදි වේ👇



