ජනපති පොදු රාජ්‍ය මණ්ඩලීය නායක හමුවේ දී සිදුකළ විශේෂ ඉල්ලීම..(PHOTOS)
ඊයේ (05) පස්වරුවේ, එංගලන්තයේ පිහිටි පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල නායක හමුවකට සහභාගී වුණා. මෙම හමුව සදහා, පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් 56ක නායකයින් එක්වී තිබුණු අතර තුන්වන චාර්ල්ස් රජුගේ ප්‍රධාන චාල්ස් රජු ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වුනා.
මෙම වසර පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණයින්ගේ වසර ලෙස නම් කිරීමට ද මෙම සමුළුවේදී තීරණය කර තිබේ. ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සහභාගී වූ බවය.
එහිදී තරුණ සහභාගීත්වය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සහාය දැක්වීමේදී පොදුරාජ්‍ය මණ්ඩලයේ වැදගත්කම අවධාරණය කර ඇති ජනාධිපතිවරයා, ඩිජිටල්කරණය තුළින් සබඳතා ශක්තිමත් කරන ලෙස ඉල්ලා තිබේ.
ජනපති රනිල්, ඝානා ජනාධිපතිවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවකට ද එක්වූ අතර සමුළුවට සමගාමීව පැවැත්වූ 'Fireside Chat' වැඩසටහනට මහාචාර්ය වික්‍රමසිංහ මහත්මිය සහභාගීවී තිබේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |









