විලංගු වැටුණු රනිල් බන්ධනාගාරයට - කොටුව අධිකරණ පරිශ්‍රය අසල උණුසුම් තත්ත්වයක්
By R.rishma
රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර බන්ධනාගාර බස් රථයෙන් කොළඹ කොටුව අධිකරණ පරිශ්‍රයෙන් පිටව ගොස් තිබේ.
ඒ සමග මේ වන විට කොළඹ අධිකරණය අසළ උණුසුම් වාතාවරණයක් හටගෙන තිබේ.
ඒ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් සහ රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් පාක්ෂිකයින් රැසක් අධිකරණ පරිශ්‍රය අසලට එක් වීමත් සමගය.