රනිල් කෝටි 100ක් වියදම් කර රට සවාරි ගිහින්ලු..
2022 සිට 2024 දක්වා කාලය තුළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදේශ සංචාර 23කට සහභාගි වී ඇති බව අමාත්‍ය වෛද්‍ය නාලින්ද ජයතිස්ස මහතා ඊයේ (මැයි 08) පාර්ලිමේන්තුවේදී පැවසීය.
2022දී විදේශ සංචාර 4කට, 2023දී විදේශ සංචාර 14කට, 2024දී විදේශ සංචාර 5කට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගි වී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
එම විදේශ සංචාර සහ ඔහු වෙනුවෙන් නියෝජිතයන් සහභාගි වූ සංචාර සඳහා රුපියල් කෝටි 102කට වැඩි මුදලක් වැය වී ඇති බවද වෛද්‍ය නාලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
