සජිත් පැය ගණන් දොඩවන විට - 2%ක් තිබු අනුර ඉදිරියට ආ හැටි ජනපති රනිල් හෙළි කරයි.
රට ඉදිරියට ගෙන යා හැකි හොඳම කණ්ඩායම ආර්ථික අභියෝගය හමුවේ රට භාරගත් කණ්ඩායම බවත් සැප්තැම්බර් 21 වනදා ගැස් සිලින්ඩරය ඉදිරිපස කතිරය ගසා අසීරුවෙන් ගොඩනැගු රටේ ආර්ථිකය බේරා ගන්නා ලෙස තමා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඔහු මේ මේ බව සඳහන් කර සිටියේ පසුගියදා යාපහුවේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමින්.
ඊළඟ සා. පෙළ - උසස් පෙළ විභාග වලට කාල වකවානු නියම වෙයි. - ගුරු පඩිය රු 38,000කින් - 17කින් සහ 19 වකින් වැඩි වෙන්නේ මෙහෙමයි.
ජන රැලිය ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ආර්ථික අර්බුදයෙන් රට බේරගත්තේ මෙරට ගොවි ජනතාව මිස ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින 38 දෙනා නොවන බවත්, වයඹ ගොවි ජනතාව වෙනුවෙන් වයඹ ඇළ ව්‍යාපෘතියේ ඉතිරි කටයුතු ද කඩිනමින් නිම කරන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.
එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින්,
"අද මෙම වේදිකාව සියලු දේශපාලන පක්ෂ නියෝජනය කරන වේදිකාවක් වී තිබෙනවා. මෙවන් වේදිකාවක් පිළිබඳ මා හෝ ඔබ කිසිදා සිතුවෙන් නැහැ. නමුත් මේ රටේ ජනතාව ජීවත් කරවීම වෙනුවෙන් අපට එකම වේදිකාවකට පැමිණීමට සිදු වුණා.
අද තැපැල් ඡන්දය ආරම්භ වුණා. ඒ පිළිබඳ සුබ ආරංචි තිබෙනවා. ඒ සමඟ මට ඡන්දය ලබාදුන් සියලු ජනතාවට මා ස්තුතිවන්ත වෙනවා. අද මෙවැනි මැතිවරණයක් පැවැත්වීමට හැකිවනු ඇතැයි මීට වසර දෙකකට පෙර කිසිවෙකු සිතුවේ නැහැ.
අපට මෙම මැතිවරණය පැවැත්වීමට හැකිවුණේ අප සියලුදෙනා එකට එක්ව මේ රටේ ආර්ථිකය ස්ථාවර කළ නිසයි. එදා මේ රටේ ආර්ථිකය කඩා වැටී තිබු අවස්ථාවේ හොඳ වී අස්වැන්නක් ලබා ගැනීම පිළිබද මගේ අවධානය යොමු වුණා. එහිදී ඇමරිකාවට සහ ලෝක බැංකුවට කථා කර පොහොර ලබාගෙන ගොවි ජනතාවට ලබා දුන්නා. ගොවි ජනතාව 2023 මහ කන්නයේ දී හොඳ අස්වැන්නක් ලබා දුන්නා. ඒ අනුව රටේ වී නිෂ්පාදනය ඉහළ යාමට පටන් ගත්තා. ඒ සමගම නැවත රටට සංචාරකයන් පැමිණීම ආරම්භ වුණා. මේ තුළින් තමයි අපි රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ආවේ. ඒ වෙනුවෙන් මම සියලු ගොවි ජනතාවට ස්තූතිවන්ත වෙනවා.
වයඹ ගොවි ජනතාව වෙනුවෙන් වයඹ ඇල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුදල් ලබාදීමට මම කටයුතු කරන බව ද මෙහිදී ප්‍රකාශ කරනවා.
ආර්ථික අර්බුදය හමුවේ රට බේරුවේ ගොවි ජනතාවයි. ඒ හැර ජනාධිපතිවණයට ඉදිරිපත්ව සිටින 38 දෙනා නොවෙයි. ඔවුන් මේ රට ගොඩගන්න බැහැ කිව්වා. නමුත් අපි රටේ ආර්ථිකය ගොඩනගා දුන්නා. දැන් අප මෙම ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි. අප ණය වී සිටි රටක්. බංකොළොත් වූ රටක්. පසුගිය වසර දෙකේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අපට ණය ලබා දී තිබු රටවල් 18ට කථා කර සහන ලබා ගනීමට අපට හැකි වුණා.
රටේ ආර්ථික ස්ථාවරභාවය ඇති කර අපට නැවත ණය ගෙවිය හැකි ශක්තිය ලබාගත් විට අපට ඉදිරියට යාම සඳහා දැන් එම රටවල් සහාය ලබා දෙනවා. ඔවුන්ගේ ආධාර නැත්නම් අප වැටෙනවා. ඒ නිසා අප මෙම ස්ථාවරත්වය ආරක්ෂාකරගෙන ඉදිරියට යා යුතුයි.
නායකයෝ පැන ගිය විට රට ගොඩගත්තේ අපේ කණ්ඩායමයි. ඒ නිසා රට ඉදිරියට ගෙන යා හැකි හොදම කණ්ඩායම අප සමග සිටින බව කිව යුතුයි. ඒ සමඟ එක්සත් ජාතික පාක්ෂිකයන්ටද කරුණක් පැවසිය යුතුයි.
තමන්ගේ සැබෑ උරුමය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාමට මෙවර ජනාධිපතිවරණයේ දී මා සමග එක්වලෙස මම කරුණෑගල පුරවරයේ සියලු එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා 1977 රට භාරගෙන රටේ ආර්ථිකය ගොඩනැගුවා. පසුගිය වසර දෙක තුළ රට ගොඩනැගීමට මා ආරම්භ කළ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමේ ජනවරම මෙවර ජනාධිපතිවරණයේ දී මා ඉල්ලා සිටිනවා.
අඩේ KDH එකක් ලක්ෂ 50කට? - Toyota Prius ලක්ෂ 22කට? - වාහනයක් වෙළෙඳපොළ මිලට වඩා 80% දක්වා අඩු මිලකට. - (VIDEO)
අප පක්ෂයේ සිටි නායකයන් අතරින් ඩී.එස්. සේනානායක මැතිතුමා හැර අනෙක් සියලු නායකයන් මම දැන සිටියා. ඒ පක්ෂයේ වත්මන් නායකයා මමයි. සජිත් ප්‍රේමදාස දැන් එක්සත්ජාතික පක්ෂයේ නොවෙයි. ඔහුට අනුර කුමාරව පරද්දන්න බැහැ. අනුර කුමාර දිසානායකව නිර්මාණය කළේ සජිත් ප්‍රේමදාසයි. හැමදාම මේ රටේ තරගය තිබුණේ දෙදෙනෙකු අතරයි. ආණ්ඩුවේ සහ විපක්ෂයේ ලෙස දෙදෙනෙක් අතර තරගය පැවතුණා. ආණ්ඩුවේ කෙනා දැන ගන්න ඕන දෙවැනියෙකුට ඉඩ නොදෙන්න. ඒ වගේම අනෙක් පක්ෂ පාලනය කිරීමට විපක්ෂනායකයා දැන ගත යුතුයි. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විපක්ෂනායකවරයාව සිටියදී වෙන කාටවත් එන්න ඉඩ දුන්නේ නැහැ. එතුමා අගමැති වුණා. බණ්ඩාරනායක මැතිණිය විපක්ෂනායක වුණාම වෙන කාටවත් එන්න ඉඩ දුන්නේ නැහැ. එතුමිය විපක්ෂනායිකාව වුණා. සජිත් කළේ හැමදාම පාර්ලිමේන්තුවේ දොඩවන එකයි. ඒ නිසා 2%ක් තිබු අනුර කුමාර නැගිටලා ආවා. දැන් අනුර කුමාර සජිත්ට තර්ජනයක් වී තිබෙනවා. සජිත් දිනන්නේ නැහැ. සජිත්ට දෙන හැම ඡන්දයම අනුර කුමාරට සහායක් වෙනවා. ඒ නිසා සජිත්ට ඡන්දය දෙන්න එපා කියලා මම සියලු එක්සත්ජාතික පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔබ සැප්තැම්බර් 21 වනදා ගිහින් ගෑස් සිලින්ඩරය ළගින් කතිරය ගහන්න."