නිපා වෛරසය යළි හිස ඔසවයි - සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීමක්

Report

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවල ‘නිපා’ වෛරස් ආසාදනය නැවතත් පැතිර යාමට පටන් ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම තත්ත්වය හේතුවෙන්, පාලක්කාඩු, මලප්පුරම්, සහ කොලික්කෝඩ් යන ප්‍රදේශවල වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා පූර්වාරක්ෂක පියවර ගෙන ඇත.

පසුගිය වසරේ (2024) කේරළයේ පිරිමි ළමයෙකු ‘නිපා’ වෛරස් ආසාදනය හේතුවෙන් මිය ගිය අතර, එම සිදුවීමෙන් පසුව වෛරසය පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක පියවර ගනු ලැබීය.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

එහි ප්‍රතිඵලයක් ලෙස, එවකට වෛරස් ආසාදනය යම් තරමකට පාලනය කිරීමට හැකි වූ බව වාර්තා විය. කෙසේ වෙතත්, ඊයේ (ජුලි 04) මලප්පුරම් සහ පාලක්කාඩු, ප්‍රදේශවල පුද්ගලයින් දෙදෙනෙකුට නැවත ‘නිපා’ වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මෙම තත්ත්වය හමුවේ, අදාළ ප්‍රදේශවල වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා බලධාරීන් විසින් තවත් පූර්වාරක්ෂක පියවර ක්‍රියාත්මක කර ඇත.

'සෙම්මනි' රාජ්‍ය ත්‍රස්තවාදයේ සංකේතයක් - අනුරත් වග කියන්න ඕනි - මනෝ කියයි

'සෙම්මනි' රාජ්‍ය ත්‍රස්තවාදයේ සංකේතයක් - අනුරත් වග කියන්න ඕනි - මනෝ කියයි

‘නිපා’ වෛරසය මාරාන්තික රෝග තත්ත්වයක් ඇති කළ හැකි බැවින්, මෙම ආසාදනය පැතිරීම වැළැක්වීම සඳහා කේරළ ප්‍රාන්ත බලධාරීන් විසින් දැඩි ලෙස අවධානය යොමු කර ඇති බවත්, ජනතාවට සෞඛ්‍ය උපදෙස් හා මාර්ගෝපදේශ පිළිපදින ලෙස උපදෙස් දී ඇති බවත් වාර්තා වේ.

සුභ පැතුම් මැද යුගදිවියට පිවිසුණු තරින්දි

සුභ පැතුම් මැද යුගදිවියට පිවිසුණු තරින්දි