රාගම, කඳාන, වත්තල ප්‍රදේශවල විශේෂ සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි

Police spokesman Sri Lanka Police Law and Order Latest Headlines Sinhala news
By Shehan Jul 05, 2025 02:09 PM GMT
Shehan

Shehan

Report

රාගම, කඳාන, සහ වත්තල යන ප්‍රදේශවල ආරම්භ කර ඇති විශේෂ සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ආරක්ෂක අංශ විසින් ඊයේ (04) රාත්‍රියේ සිට මෙම ප්‍රදේශවල දැඩි සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, 'ගගන' විමසීමකදී ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මෙම මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව සිදුකෙරෙන බවයි.

සම්මානයක් 85000 යි, ටීචර් අම්මා නිසා මුතුගල ඇතුළු ගොඩක් අයගේ නම් සම්මාන උළලෙන් කැපේ

සම්මානයක් 85000 යි, ටීචර් අම්මා නිසා මුතුගල ඇතුළු ගොඩක් අයගේ නම් සම්මාන උළලෙන් කැපේ

පසුගිය දින කිහිපය තුළ රාගම සහ කඳාන ප්‍රදේශවල වෙඩි තැබීමේ සිදුවීම් වාර්තා වූ අතර, එම සිදුවීම්වලදී පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබුණි.

මෙම තත්ත්වය හේතුවෙන්, එම ප්‍රදේශවල ආරක්ෂාව තර කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් විශේෂ සෝদිසි මෙහෙයුම් ආරම්භ කරන ලදී.

මෙම මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, සහ ත්‍රිවිධ හමුදාව එක්ව කටයුතු කර ඇත. ඊයේ රාත්‍රියේ පමණක් සිදුකළ මෙහෙයුම්වලදී, සැකපිට පුද්ගලයින් 300කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

වෛද්‍ය මහේෂිගේ දුව අල්ලස් කොමිසමට මරණ තර්ජන කරලා

වෛද්‍ය මහේෂිගේ දුව අල්ලස් කොමිසමට මරණ තර්ජන කරලා

මේ වන විට එම සැකකරුවන්ගෙන් අදාළ පොලිස් ස්ථානවලදී ප්‍රකාශ සටහන් කරමින් පවතින බවත් වාර්තා වේ.

මෑතකදී රාගම, කඳාන, වත්තල, සහ ඒ ආසන්න ප්‍රදේශවල වෙඩි තැබීමේ සිදුවීම් ගණනාවක් වාර්තා වී ඇති අතර, පාතාල ක්‍රියාකාරකම්ද ඉහළ ගොස් ඇති බවට තොරතුරු හෙළි වී තිබේ.

එමෙන්ම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙම ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් සිදුකරන බවට පොලීසියට සහ ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී ඇත.

මර්වින් පස් කයි, අනේ ආය නම් හිරේ යන්න බෑ දෙයියනේ ආයේ මොකුත්ම කරන් නෑ

මර්වින් පස් කයි, අනේ ආය නම් හිරේ යන්න බෑ දෙයියනේ ආයේ මොකුත්ම කරන් නෑ

මෙම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, රාගම, කඳාන, සහ වත්තල යන ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම සහ නීතිවිරෝධී ක්‍රියාකාරකම් මැඩලීම ඉලක්ක කරගනිමින් මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

ReeCha