දසුන් ශානක සහ චාමික කරුණාරත්න T20 සංචිතයට නැවත කැඳවයි
By Shehan
දිගු කාලයකට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දසුන් ශානක සහ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න යන ක්‍රීඩකයින් ජාතික T20 සංචිතයට නැවත කැඳවා ඇත.
මෙම කැඳවීම බංග්ලාදේශයට එරෙහි ඉදිරි T20 තරග මාලාව සඳහා වන අතර, 2026 වසරේ පැවැත්වීමට නියමිත ICC පිරිමි T20 ලෝක කුසලානය කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
තරග තුනකින් සමන්විත මෙම බංග්ලාදේශ T20 තරග මාලාව ලබන සතියේ ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ අනාගත T20 උපායමාර්ග ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම ක්‍රීඩකයින් දෙදෙනාගේ අත්දැකීම් සහ දක්ෂතා යොදා ගැනීමට තේරීම් කමිටුව බලාපොරොත්තු වන බව සඳහන් වේ.
