සම්මානයක් 85000 යි, ටීචර් අම්මා නිසා මුතුගල ඇතුළු ගොඩක් අයගේ නම් සම්මාන උළලෙන් කැපේ [PHOTOS]

Gossip Today Teachers Gossip Lanka Sinhala news Hayeshika Fernando
By Kaushi Jul 05, 2025 01:12 PM GMT
Kaushi

Kaushi

Report

ඒෂියා මිරකල් අවෝර්ඩ්ස් සම්මාන උළෙලේ දී හයේෂිකා ප්‍රනාන්දු නම් උපකාරක පන්ති ගුරුවරියට සම්මාන දෙන්නට ආ ඇමතිවරයෙක් එම සම්මාන දීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ කතාබහක් ඇතිව තිබූ විටම තරුණයෙකුට කළ ප්‍රහාරයකින් ඇප මත නිදහස්ව සිටින ඇයව සම්මාන ද්විත්වයකින් ඇගයීමට එම සම්මාන උළෙල කටයුතු කිරීමත් සමඟ යම් ආන්දෝලනාත්මක පුවත් සම්මාන උළෙලවල් පිළිබඳ කතාබහට ලක්වුණා.

ඒ අතර මේ දිනවල මුදලට ලබාදෙන සම්මාන ගැන ද විවේචන එල්ල වෙනවා.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

එවන් පසුබිමක තවත් මසකින් පමණ පවත්වන්නට නියමිතව ඇති පොපියුලර් අවොර්ඩ්ස් නමැති සම්මාන උළෙලට නිදේශිත නම් ඉවත් කර ගැනීමට ඇතැම් ජනප්‍රිය අය කටයුතු කර තිබුණා.

ඒ අනුව එහි නිර්දේශිත නම් අතර සිටි 'ජනප්‍රියම ගුරුවරයා' සම්මානයෙන් දිනේෂ් මුතුගලත්, 'ජනප්‍රියම නර්තන ශිල්පියා' සම්මානයෙන් ඔෂාන් ලියනගේත්, 'ජනප්‍රියම නර්තන ශිල්පිණිය' සම්මානයෙන් AK Twins (අනු හා කනු) ඉකුත් දා ඉවත්වන බවට සිය ෆේස්බුක් ගිණුම් ඔස්සේ දැනුම් දී තිබුණා.

කෙසේ වෙතත් ජනප්‍රිය ගුරුවරයෙක් වූ දිනේෂ් මුතුගලගේ ඉවත් වීමත් සමඟ මෙය සමාජයේ විශාල කතාබහකට ලක් වුණා.

පුද්ගලයන් 18 කට තුවාල කරමින් ගුවන් යානයක් හදිසියේ ගිනිගයි

පුද්ගලයන් 18 කට තුවාල කරමින් ගුවන් යානයක් හදිසියේ ගිනිගයි

ඒ අනුව මෙම විවේචන නිසා 'පොලියුලර් අවොර්ඩ්ස්' සම්මාන උළලේ ඇති වූ වෙනසක් සම්බන්ධයෙන් ඔවුන් ඊයේ නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ 'ජනප්‍රියම උපකාරක පන්ති ගුරුවරයා' සහ 'ගුරුවරිය' යන සම්මාන යුගල 'පාසල් ගුරුවරයා සහ ගුරුවරිය' නමින් වෙනස්කරන්නටත් ජනප්‍රියම ගුරුවරයා සහ ගුරුවරිය සදහා නිර්දේශ වී ඇති සියලුම නිර්දේශිත නාම අවලංගු කරන්නටත් තීරණය කර ඇති බවයි.

ඒ අනුව හයේෂිකා ප්‍රනාන්දුගේ නමද මෙවර තරගයෙන් ඉවත් කර ඇති බව සඳහන්.

අඳාළ නිවේදනයේ මෙසේ සඳහන් විය.

මර්වින් පස් කයි, අනේ ආය නම් හිරේ යන්න බෑ දෙයියනේ ආයේ මොකුත්ම කරන් නෑ

මර්වින් පස් කයි, අනේ ආය නම් හිරේ යන්න බෑ දෙයියනේ ආයේ මොකුත්ම කරන් නෑ

"වාණිජකරණයෙන් ඔබ්බට ගොසින් සිය ජීවිකාව උතුම් යුතුකමක් සහ වගකීමක් යැයි සලකා, නැණ නුවණින් පිරී සිසු පරපුරක් වෙනුවෙන් ආදරය සහ සෙනෙහස කැටි කොට ගෙන යුහුසුළුව ගුරුකම් ලබාදෙන දැයේ සුවහසක් පාසල් ගුරුවරුන් වෙනුවෙන් ජනප්‍රියම උපකාරක පන්ති ගුරුවරයා සහ ගුරුවරිය යන සම්මාන යුගල පාසල් ගුරුවරයා සහ ගුරුවරිය නමින් සංශෝධනය කිරීමට Popular Awards සංවිධායක මණ්ඩලය කටයුතු කර ඇති බවට අභිමානයෙන් යුතුව දැනුම් දෙමු. මේ වන විට ජනප්‍රියම ගුරුවරයා සහ ගුරුවරිය සදහා නිර්දේශ වී ඇති සියලුම නිර්දේශිත නාම අවලංගු වේ. ස්තුතියී.!"

මේ අතර මෙහි ජනප්‍රියම ඡායාරූප ශිල්පියා යන සම්මානයට නිර්දේශිත නම් අතර සිටින ප්‍රවීණ ඡායාරූප ශිල්පී ප්‍රසන්න ඉරෝෂන් විසින් ඊයේ දින සිය ෆේස්බුක් ගිණුමේ පළ කළ පණිවිඩයක දැක්වෙන්නේ,

භාතිය හස්ති රාජයාට අසාධ්‍යයි

භාතිය හස්ති රාජයාට අසාධ්‍යයි

"සම්මානයක් 85000/- යි ඉන්වොයිස් එකක් ආවා බලන්න ඔනී අය ඉන්බොක්ස් එන්න. අපේ ගමටත් සම්මානයක් ඕඩර් කරන්න ඔනී ගැම්මට..." යනුවෙනි.

කෙසේ වෙතත් මෙහිදී ඔහු සම්මාන උළෙල ගැන සඳහන් නොකර සිටියද මේ දිනවල නාමයෝජනා පවතින්නේ මෙම පොලියුලර් අවොර්ඩ්ස් සම්මාන උළලේ බැවින් මේ වන විටත් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ මත පළ වෙයි.

සත්‍ය කුමක් වුවත් මෙවැනි පුවත් නිසා මේ වන විට සම්මාන පිළිබඳව ජනතාවට ඇති මතය සුබදායක නැත.  

මහ බැංකුවෙන් පර්පෙචුවල් සමාගමේ තහනම තවත් දිගු කරයි

මහ බැංකුවෙන් පර්පෙචුවල් සමාගමේ තහනම තවත් දිගු කරයි

GalleryGalleryGallery
ReeCha