හරක් කටාගේ ජීවිතය අනතුරේ - කුමන්ත්‍රණකාරී ලෙස මරා දැමීමට සැලසුමක්

Report

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල කල්ලි නායකයකු ලෙස හඳුනාගෙන ඇති නදුන් චින්තක, හෙවත් ‘හරක් කටා’ගේ ජීවිතය අනතුරේ පවතින බව ඔහුගේ නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා පවසයි.

උදුල් ප්‍රේමරත්න මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇති අතර, එම සටහනේ පහත දැක්වෙන තොරතුරු ඇතුළත් ය.

නදුන් චින්තක උණ රෝගයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති අතර, දැනට ඔහු 37 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී.

කුඩු තමිල් මැරුණේ පිළිකාවකින්, ඒකත් ගුදෙන් පටන් අරන් මොළේටම දුවලා

කුඩු තමිල් මැරුණේ පිළිකාවකින්, ඒකත් ගුදෙන් පටන් අරන් මොළේටම දුවලා

නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා පවසන පරිදි, මීට පෙර තංගල්ල බන්ධනාගාරය තුළ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය (TID) විසින් නදුන් චින්තක රඳවා සිටි අතර, ඔහුගේ සිර කුටිය අවට මදුරුවන් බෝවීමට ඉඩ හැරීම සහ නරක් වූ ආහාර සැපයීම තුළින් ඔහුව කුමන්ත්‍රණකාරී ලෙස මරා දැමීමට සැලසුමක් තිබූ බවට චෝදනා එල්ල වී තිබුණි.

මේ සම්බන්ධයෙන් ඔහු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට සහ පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇත. එසේම, දැනට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන නදුන් චින්තකව බැලීමට හෝ ඔහුගේ තත්ත්වය පිළිබඳ තොරතුරු ලබාදීමට පොලීසිය සහ ජාතික රෝහලේ බලධාරීන් විසින් කිසිවකුට ඉඩ ලබා නොදෙන බවත් නීතිඥවරයා පවසයි.

උදුල් ප්‍රේමරත්න

(2025/07/05)

හරක් කටාට දරුණු ලෙඩක් - කොළඹ ජාතික රෝහලට

හරක් කටාට දරුණු ලෙඩක් - කොළඹ ජාතික රෝහලට



GalleryGalleryGallery