බස්නාහිර පළාතේ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් 341ක් අත්අඩංගුවට

Report

බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් 341 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.

වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත, මෙම මෙහෙයුම ඊයේ (04) රාත්‍රී 7:00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක කෙරුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේය.

හරක් කටාගේ ජීවිතය අනතුරේ - කුමන්ත්‍රණකාරී ලෙස මරා දැමීමට සැලසුමක්

හරක් කටාගේ ජීවිතය අනතුරේ - කුමන්ත්‍රණකාරී ලෙස මරා දැමීමට සැලසුමක්

මෙම මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා පොලීසිය, නාවික හමුදාව, ගුවන් හමුදාව, යුද හමුදාව, රාජ්‍ය බුද්ධි සේවය, සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව කටයුතු කර ඇත.

මෙහෙයුම අතරතුර හෙරොයින් ග්‍රෑම් 325කට ආසන්න ප්‍රමාණයක්, අයිස් (මෙතම්ෆෙටමින්) ග්‍රෑම් 333කට ආසන්න ප්‍රමාණයක්, සහ ගංජා ග්‍රෑම් 395කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එමෙන්ම, නීතිවිරෝධී මත්පැන් බෝතල් 1,081ක්ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.

ඇමෙරිකාවට එරෙහිව නෙවෙයි, ට්‍රම්ප් සමඟ සාකච්ඡාවක් ඕනෙයි - හර්ෂ

ඇමෙරිකාවට එරෙහිව නෙවෙයි, ට්‍රම්ප් සමඟ සාකච්ඡාවක් ඕනෙයි - හර්ෂ

මෙම විශේෂ මෙහෙයුම මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අනෙකුත් නීතිවිරෝධී ක්‍රියාකාරකම් මැඩලීමේ ජාතික වැඩපිළිවෙළෙහි කොටසක් ලෙස ක්‍රියාත්මක කෙරුණු අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.

වෛද්‍ය මහේෂිගේ දුව අල්ලස් කොමිසමට මරණ තර්ජන කරලා

වෛද්‍ය මහේෂිගේ දුව අල්ලස් කොමිසමට මරණ තර්ජන කරලා