ඉස්සරහට ඉගෙන ගන්න ලැබෙන විෂයක් ගැන අග්‍රාමාත්‍යවරියගෙන් ප්‍රකාශයක් [PHOTOS]

Report

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් වෘත්තීය අධ්‍යාපනයට ඇති අවධානය ප්‍රමාණවත් නොවන බවත්, ඉදිරියේදී මේ රටේ තීරණාත්මක විෂයක් බවට වෘත්තීය අධ්‍යාපනය පත් කරන බවත් පවසා ඇත.

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ විධිමත් ආකර්ෂණීය ආයතන පද්ධතියක් ගොඩනැගීමට රට පුරා ඇති වෘත්තීය අධ්‍යාපන ආයතන කේන්ද්‍ර කොට ක්‍රියාත්මක Clean Sri Lanka ව්‍යාපෘතිය හා එක්ව ඊයේ (04) දින ආරම්භ කළ "ශ්‍රම මෙහෙයුම" වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ගම්පහ කාර්මික විද්‍යාලයේදීයි.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

ඒ අනුව ඇය පැවසුවේ,

''වෘත්තීය අධ්‍යාපනය කේන්ද්‍රකරගෙන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ සංකල්පයක් අනුව ශ්‍රම මෙහෙයුම වැඩසටහන ලංකාව පුරා ආරම්භ කිරීමට කටයුතු කීරීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. ශ්‍රම මෙහෙයුම වැඩසටහන තුළින් ආරම්භයක් ලබාගත්තට අපි මේ උත්සාහ කරන්නේ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයට වැඩි අවධානය ලබා ගන්නයි. වෘත්තීය අධ්‍යාපනයේ වැදගත්කම ගැන රටටම පෙන්නුම් කරන්නයි. වෘත්තිය අධ්‍යාපන ක්ෂේත්‍රය තමයි ඉදිරියේ මේ රටේ තීරණාත්මක විෂය බවට පත්වෙන්නේ. වැඩ ලෝකයට අවශ්‍ය මානව සම්පත බිහිවෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශයෙන්.

පුද්ගලයන් 18 කට තුවාල කරමින් ගුවන් යානයක් හදිසියේ ගිනිගයි

පුද්ගලයන් 18 කට තුවාල කරමින් ගුවන් යානයක් හදිසියේ ගිනිගයි

හැබැයි අපි බොහෝ දෙනෙක් සහ රටත් බොහෝ වෙලාවට හිතන්නැති අවධානයක් දෙන්න නැති කොටස තමයි ඒ වැඩ ලෝකයට අවශ්‍ය මානව සම්පත බිහිකරන වෘත්තීය අධ්‍යාපන අංශය. අපි දන්නවා දැනට සමාජය තුළ ටෙක් එක ගැන තියෙන්නේ අර ඉස්කෝලෙ ගිහිල්ලා විශ්වවිද්‍යාලයට යන්න බැරි උනොත් යන්න පුළුවන් තැනක් කියන මතය. එහෙම නැත්නම් අනිත් තෝරා ගැනීම් ඔක්කොම කරලා ඒවා හරි ගියේ නැත්නම් නිකන් වැටෙන තැන වගේ අදහසක් එක හරිම වැරදියි. වෘත්තීය අධ්‍යාපනය තෝරා ගැනීම අතිශයින්ම වැදගත් බුද්ධිමත් සහ රටේ සංවර්ධනයට අතිශයින්ම වැදගත් තීරණයක්.

මර්වින් පස් කයි, අනේ ආය නම් හිරේ යන්න බෑ දෙයියනේ ආයේ මොකුත්ම කරන් නෑ

මර්වින් පස් කයි, අනේ ආය නම් හිරේ යන්න බෑ දෙයියනේ ආයේ මොකුත්ම කරන් නෑ

වෘත්තීය අධ්‍යාපනය හදාරන්න ගන්න තීරණය අහම්බයක් වෙන්න බෑ, නොදැනුවත්කමින් හෝ අන්තිම මොහොතේ ගන්න තීරණයක් වෙන්නත් බෑ. ඒක තමන්ගේ හැකියාව, තමන්ගේ කැමැත්ත තමා ලෝකය පිළිබඳව දරන අදහස් මේ සංකල්ප සියල්ලමත් එක්ක ගන්න ඉතාමත්ම වැදගත් තීරණයක් බවට පත්වෙන්න ඕනේ. ඒ නිසාම තමයි අපි 2026 තුළ ක්‍රියාත්මක කරන්න නියමිත ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ වෘත්තීය අධ්‍යාපනයට විශේෂ තැනක් වෙන් කළේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියන එක පොඩි වැඩක් නෙවෙයි. ඒක විෂයක් මාලාව වෙනස් කරන එකට එහා ගිය දැවැන්ත වැඩක්.''  යනුවෙන්.

සම්මානයක් 85000 යි, ටීචර් අම්මා නිසා මුතුගල ඇතුළු ගොඩක් අයගේ නම් සම්මාන උළලෙන් කැපේ

සම්මානයක් 85000 යි, ටීචර් අම්මා නිසා මුතුගල ඇතුළු ගොඩක් අයගේ නම් සම්මාන උළලෙන් කැපේ

GalleryGalleryGalleryGalleryGalleryGallery