බස් රථවල සීට් බෙල්ට් පැළඳීම ගැන බොරු නිව්ස් ගහලා, පොලිසියෙන් පැහැදිලි කිරීමක්

Report

මේ දිනවල කතාබහට ලක්වෙන බස් රථවල ආසන පටි පැළඳීම පිළිබඳව ඇතැම් මාධ්‍ය හරහා සංසරණය වන අසත්‍ය පුවතක් පිළිබඳව පොලීසියෙන් කරුණු පැහැදිලි කර තිබෙනවා.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කර ඇත්තේ පොදු ප්‍රවාහන සේවා බස් රථ ඇතුළු රථවාහන ධාවනයේදී ආසන පටි පැළඳීම නව නීතියක් පැනවීමක් ලෙස ඇතැම් මාධ්‍ය මඟින් ප්‍රචාරයක් ලබා දෙන බවයි.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

එසේම දීර්ඝ කාලයක් අඛණ්ඩව ආසන පටි පැළඳ රිය ධාවනය නිසා ශාරීරික අපහසුතා ඇතිවන බවට හුවා දක්වන විවිධ කරුණු ඉදිරිපත් කරන බවට ද නිරීක්ෂණය වන බව සඳහන් කර ඇත.

ඒ අනුව එහි දක්වා ඇත්තේ මෙය නව නීතියක් ලෙස ප්‍රකාශයට පත් කර නොමැති බවත් එය 2011 අගෝස්තු 09 වන දින ප්‍රකාශයට පත් කරන ලද අංක 1718/12 දරන ගැසට් පත්‍රය අනුව රථවාහන ධාවනයේදී රියදුරෙක් ආසන පටිය පැළඳීම අනිවාර්ය බවට සඳහන් කර ඇති බවත් ය.

එමෙන්ම 1981 අංක 21 දරණ මෝටර් වාහන සංශෝධිත පනතේ 169 වන වගන්තියට අනුව අඛණ්ඩව රිය ධාවනය කිරීමේදී රියදුරෙක් සෑම පැය 04 යි විනාඩි 30 කට සැරයක්ම විනාඩි 30 ක විවේක කාලටක් ලබා ගත යුතු බවත් දක්වයි.

පුද්ගලයන් 18 කට තුවාල කරමින් ගුවන් යානයක් හදිසියේ ගිනිගයි

පුද්ගලයන් 18 කට තුවාල කරමින් ගුවන් යානයක් හදිසියේ ගිනිගයි

ඒ අනුව පැය 24 කාල සීමාවක් තුළදී රියදුරෙක් පැය 10ක විවේකයක් ලබා ගත ‍යුතු බවත් පවසා ඇත.

මේ අතර පොලීසිය ප්‍රකාශ කළේ වර්තමානයේ දිනපතා රට තුළ වාර්තා වන මාරක රිය අනතුරු ඇතුළු අනෙකුත් රිය අනතුරු අවම කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ‍යළි සිහිකැඳවීමක් ලෙස මෙම ආසන පටි පැළඳීමේ නීතිය සම්බන්ධයෙන් මෙසේ රියදුරන් දැනුවත් කිරීමට කටයුතු කළ බවයි.

මර්වින් පස් කයි, අනේ ආය නම් හිරේ යන්න බෑ දෙයියනේ ආයේ මොකුත්ම කරන් නෑ

මර්වින් පස් කයි, අනේ ආය නම් හිරේ යන්න බෑ දෙයියනේ ආයේ මොකුත්ම කරන් නෑ

එනිසා ජනතාව නොමග යවන ආකාරයේ මෙවැනි පුවත් ඇතැම් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම ඔස්සේ වැරදි තොරතුරු සමාජගත වන බවද දන්වා සිටින ශ්‍රී ලංකා පොලිස් රථවාහන මූලස්ථානය සෑම රියදුරෙක්ගෙන්ම ඉල්ලා සිටින්නේ රිය ධාවනයේදී ඉහත නෛතික තත්ත්වයන් කෙරෙහි අවධානය යොමු කර නියමිත පරිදි ආසන පටි පැළඳ විනයගරුක හා නීතිගරුක රියදුරන් වශයෙන් ක්‍රියා කර දෛනිකව වාර්තා වන මාරක රිය අනතුරු ඇතුළු අනෙකුත් රිය අනතුරු අවම කර ගැනීම සඳහා දායකත්වය දෙන ලෙසයි.

මහ බැංකුවෙන් පර්පෙචුවල් සමාගමේ තහනම තවත් දිගු කරයි

මහ බැංකුවෙන් පර්පෙචුවල් සමාගමේ තහනම තවත් දිගු කරයි

බස් රථවල සීට් බෙල්ට් පැළඳීම ගැන බොරු නිව්ස් ගහලා, පොලිසියෙන් පැහැදිලි කිරීමක් | Fake News Wearing Seat Belt Clarification Police