ශ්‍රී ලංකාවට තවත් පරාජයක් – බංග්ලාදේශයට තියුණු ජයක්

Report

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති දෙවන එක්දින තරගය ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 16කින් පරාජයට පත් කරමින් බංග්ලාදේශය ජයග්‍රහණය තහවුරු කළේය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායක හසන් මිරාස්, පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

හරක් කටාගේ ජීවිතය අනතුරේ - කුමන්ත්‍රණකාරී ලෙස මරා දැමීමට සැලසුමක්

හරක් කටාගේ ජීවිතය අනතුරේ - කුමන්ත්‍රණකාරී ලෙස මරා දැමීමට සැලසුමක්

ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්වාර 45යි පන්දු 5ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 248ක් රැස් කළේය.

බංග්ලාදේශ ඉනිමේදී පර්වේස් හුසේන් එමොන් ලකුණු 67ක් රැස් කරමින් කැපී පෙනෙන දක්ෂතාවක් දැක්වූ අතර, ටෝහිඩ් හ්‍රිඩෝයි ලකුණු 51ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු කඩුලු 04ක් දවා ගනිමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අතර, වනිඳු හසරංග කඩුලු 03ක් බිඳ හෙලීය.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්