කෙහෙළියගේ නඩුව ගැන රනිල්ගෙන් හෙළිදරව්වක්ද? - රනිල් අදට බේරෙයි

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිට, ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.

රජයෙන් එක් අයෙකුට රුපියල් 10,000ක් - අමාත්‍ය ලාල්කාන්ත

රජයෙන් එක් අයෙකුට රුපියල් 10,000ක් - අමාත්‍ය ලාල්කාන්ත

මෙම ප්‍රකාශය ලබා ගෙන ඇත්තේ, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව එල්ල වී ඇති, ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීම සම්බන්ධ චෝදනාවලට අදාළව, කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ය.

හරිනි අමරසූරියට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්...

හරිනි අමරසූරියට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්...

හිටපු ජනාධිපතිවරයා එවකට කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ බැවින්, ඔහුගේ ප්‍රකාශය මෙම විමර්ශනයට අදාළව වැදගත් වේ.

වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ පැයකට ආසන්න කාලයක් තිස්සේ මෙම ප්‍රකාශය ලබා දී ඇති අතර, එහිදී චෝදනාවට අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලිය, කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා, සහ ඒ සම්බන්ධයෙන් ඔහුගේ දැනුවත්භාවය පිළිබඳව ප්‍රශ්න කර ඇති බව වාර්තා වේ.

මෙම විමර්ශනය හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ගනු ලැබූ තීරණවල විනිවිදභාවය සහ ඒවායේ නීත්‍යානුකූලභාවය පිළිබඳව ගැඹුරින් පරීක්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ දරමින් සිටින අතර, හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය එහිදී සැලකිය යුතු සාක්ෂියක් ලෙස භාවිතා විය හැකි බව දැනගන්නට ඇත.

ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු මාධ්‍ය හමුවකට එක් නොවී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් ඇති අතර, මෙම සිදුවීම මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ සහ ජනමාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව ඇත.