රජයෙන් එක් අයෙකුට රුපියල් 10,000ක් - අමාත්‍ය ලාල්කාන්ත

Report

අස්වැසුමටත් කෙළවෙයි.. ඔයාගේ අස්වැසුම නැති වුණෙත් මේ නිසාද ?

අස්වැසුමටත් කෙළවෙයි.. ඔයාගේ අස්වැසුම නැති වුණෙත් මේ නිසාද ?

'එක මිටට - ගොවි බිමට' වැඩසටහනින් බඩඉරිඟු හදන්න අක්කරයකට රු.10,000ක් - ඇමති ලාල් කාන්ත 'එක මිටට - ගොවි බිමට' වැඩසටහනට සමගාමීව වගා නොකරන සියලුම කෘෂිකාර්මික ඉඩම් කාර්යක්ෂමව වගා කිරීම සඳහා වන ජාතික වැඩසටහනේ පළමු අදියර අද (11) ආරම්භ වුණා.

හරිනි අමරසූරියට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්...

හරිනි අමරසූරියට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්...

ඒ යටතේ 2025 යල කන්නයේ බඩඉරිඟු වගා කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භය පැවැත්වුණේ කන්තලේ සීනි කර්මාන්ත ශාලා භූමියේ දී.

වැඩසටහන සඳහා රුපියල් මිලියන 627 ක් වියදම් වන බවයි අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සඳහන් කළේ. මේ යටතේ එක් ගොවියෙකුට අක්කරයක් සඳහා රුපියල් 10,000ක් ලබා දෙන බව ඔහු පැවසුවා.

එම අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සහ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සහභාගී වුණා.

වකුගඩු හා අක්මා රෝගීන්ට නරක ආරංචියක්

වකුගඩු හා අක්මා රෝගීන්ට නරක ආරංචියක්

එම වැඩසටහනට පසුව ගොවින් සහ ගොවි සංවිධාන මුහුණ පාන ගැටළු අමාත්‍යවරුන් වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදුන්නා. මෙහිදී වැඩසටහන පිළිබඳ අමාත්‍යවරුන් ගොවීන් සමඟ අදහස් හුවමාරු කර ගනිමින් සාකච්ඡා කළා.