රනිල් සතුව තිබූ විශේෂ දෙයක් නව ජනපති අනුරට දෙයි..ඉදිරියේදී කුමක් වෙයි ද?..

Anura Kumara Dissanayaka Ranil Wickremesinghe Ministry of Defense Sri Lanka
By Aruna Oct 07, 2024 02:45 AM GMT
Aruna

Aruna

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හට ලබාදී තිබූ ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ ආරක්ෂාව ඊයේ සිට වත්මන් ජනාධිපතිවරයා වෙත අනියුත්ක කර තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ, රනිල් වික්‍රමසිංහ මහතාහට හිටපු ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ ආරක්ෂාව හිමිවන බවයි.

රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් මෙතෙක් සිදු නොකළ තීන්දුවක් ගනී..

රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් මෙතෙක් සිදු නොකළ තීන්දුවක් ගනී..


ජනාධිපතිවරයෙකු ධූරය දරණ කාල සීමාව තුළ ඔහුට හෝ ඇයට එම ආරක්ෂාව සලසනු ලබන්නේ ජනාධිපති ආරක්ෂක කොට්ඨාශය මගිනි.

එහෙත් ධූරයෙන් විශ්‍රාම යාමෙන් පසු එම ආරක්ෂාව හිටපු ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයට පැවරෙනු ලැබේ.

ඒ අනුව, මේ දක්වා හිටපු ජනාධිපතිවරු 07 දෙනෙකුට එවැනි ආරක්ෂක ඒකක 07 ක් පිහිටුවා අවශ්‍ය ආරක්ෂාව ලබාදී ඇති අතර, රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් 08 වැනි ආරක්ෂක ඒකකය පිහිටුවීමට නියමිතව ඇත.

අද මේ ලග්න වල අය අනිවාර්යෙන්ම දැඩි ඉවසිල්ලෙන් වැඩ කරන්න..එම ලග්න මෙන්න.

අද මේ ලග්න වල අය අනිවාර්යෙන්ම දැඩි ඉවසිල්ලෙන් වැඩ කරන්න..එම ලග්න මෙන්න.


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත්කර ඇති බවට මේ වන විට පළවන වාර්තා සම්බන්ධයෙන් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කියා සිටියේ, තනතුරින් ඉවත් වු වහාම එම තනතුරට අදාළ ආරක්ෂකයින් ඉවත් කිරීම සිදු නොකර අතර, එය ක්‍රම ක්‍රමයෙන් ආරක්ෂාව ඉවත් කිරීම සාමන්‍ය දෙයක් බවයි.