රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් මෙතෙක් සිදු නොකළ තීන්දුවක් ගනී..

Report

ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පවසනවා.

මෙම කාලය තුළ දී එම ආයතන ප්‍රධානීන් කිසිදු පරිපාලන තීරණයක් නොගත යුතු බවයි, ඔහු ප්‍රකාශ කළේ.

ඇතැම් මණ්ඩලවලට මේ වන විටත් නව සභාපතිවරුන් පත් කර ඇත.

පාසල් විශාල ප්‍රමාණයක දරුවන්ට දිවා ආහාරයත් නැති වෙයි?.එකවරම ඇතිවූ තත්ත්වය මෙන්න.

පාසල් විශාල ප්‍රමාණයක දරුවන්ට දිවා ආහාරයත් නැති වෙයි?.එකවරම ඇතිවූ තත්ත්වය මෙන්න.


ඉදිරියේ දී සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සදහා සුදුසු ප්‍රධානීන් අදාළ අමාත්‍යවරුන් විසින් පත් කරන බවයි ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා අවධාරණය කළේ.

ඒ අනුව රජය මේ වන විට නිවේදනය කර ඇත්තේ, පවතින තත්ත්වය හමුවේ ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවන බවයි.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා වැඩිදුරටත් පැවසුවේ, නව සභාපතිවරුන් සහ ආයතන ප්‍රධානීන් පත් කිරීම නව අමාත‍්‍යවරුන්ගේ කාර්යභාරයක් බවයි.