දවස් හයක් පණ අතේ තියන් සිටි රන්දෙණිය බණ්ඩාර හස්තියා නිහඬ වෙයි - රටම හඬවමින් අවසන් ගමන් යයි
By Kaushi
හදිසි රිය අනතුරකට ලක්ව දින හයක් පුරාවට ප්‍රතිකාර ලබමින් සිටි රන්දෙණිය බණ්ඩාර නමැති හස්තියාගේ අවසන් කටයුතු අද(04) දින සිදු කර ඇත.
මෙම හස්තියා කෑගල්ල රන්දෙණිය ප්‍රදේශයේ සිට මනම්පිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක පෙරහරක් සඳහා ලොරි රථයකින් රැගෙන ගොස් තිබුණා.
ඒ අනුව වාර්තා වූයේ ඉකුත් මස 29 වැනි දින මෙම සත්ත්වයා රැගෙන යමින් තිබූ ලොරි රථය මැල්සිරිපුර ඕමාරගොල්ල ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්ව තිබූ බවයි.
කෙසේ වෙතත් එහිදී ඇත්ගොව්වා විසින් අලියා රථයෙන් බස්සවා ප්‍රතිවිරුද්ධ දිශාවට රැගෙන යමින් සිටියදී පිටිපසින් පැමිණි ටිපර් රථයක ගැටී තිබුණා.
අනතුරුව හස්තියාට එම ස්ථානයේදීම ප්‍රතිකාර කිරීම ආරම්භ කළ අතර හිමිකරු විසින් වැඩිදුර ප්‍රතිකාර සඳහා හස්තියා කෑගල්ල රන්දෙණිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන විත් තිබුණා.