රන්බීර්ගේ ‘රාමායණ’ ලොවම කළඹයි - කෝටි 2,000ක ආදායමක් අත ළඟ

Report

රන්බීර් කපූර් ප්‍රධාන චරිතයට පණ පොවන ‘රාමායණ’ (Ramayana) චිත්‍රපටය ලොව පුරා බොක්ස් ඔෆිස් ආදායම ඉන්දියානු රුපියල් කෝටි 2,000 සීමාව කරා රැගෙන යමින් සිටියි.

චිත්‍රපටය තිරගත වී 24 වැනි දිනය වන පසුගිය සෙනසුරාදා (28) ඉන්දියාවේදී පමණක් රුපියල් කෝටි 14.65ක ශුද්ධ ආදායමක් උපයාගෙන ඇති බව Sacnilk දත්ත උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි.

එය සිකුරාදා දිනයේ වාර්තා කළ රුපියල් කෝටි 8.45ක ආදායමට සාපේක්ෂව සියයට 73.4ක ඉහළ යාමකි.

රන්බීර්ගේ ‘රාමායණ’ ලොවම කළඹයි - කෝටි 2,000ක ආදායමක් අත ළඟ | Ranbir S Ramayana Targets Rs 2 000 Crore Revenue

ඒ අනුව චිත්‍රපටයේ ඉන්දියාව තුළ ශුද්ධ ආදායම රුපියල් කෝටි 1,015.20ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, දළ ආදායම රුපියල් කෝටි 1,212.55ක් ලෙස සටහන් වී තිබේ.

විදෙස් සිනමා වෙළෙඳපොළෙන් උපයා ඇති රුපියල් කෝටි 602ක ආදායම ද සමඟ චිත්‍රපටයේ සමස්ත ලෝක ව්‍යාප්ත ආදායම රුපියල් කෝටි 1,814.55ක් දක්වා ඉහළ ගොස් ඇත.

“මට අද වගේ මතකයි ඒ දවස” - සජිත ඇන්තනී බුවී ගැන ආදරණීය මතකයක් අවදි කරයි

“මට අද වගේ මතකයි ඒ දවස” - සජිත ඇන්තනී බුවී ගැන ආදරණීය මතකයක් අවදි කරයි

භාෂා අනුව සැලකීමේදී වැඩිම ආදායමක් උපයා ඇත්තේ හින්දි භාෂා පිටපතෙනි. එමඟින් සෙනසුරාදා දිනයේ රුපියල් කෝටි 9.50ක ආදායමක් උපයා තිබේ.

දෙමළ පිටපතෙන් රුපියල් කෝටි 1.90ක් ද, මලයාලම් පිටපතෙන් රුපියල් කෝටි 1.60ක් ද, කන්නඩ පිටපතෙන් රුපියල් කෝටි 1.40ක් ද උපයාගෙන ඇත.

තෙළිඟු පිටපතෙන් ලැබී ඇති ආදායම රුපියල් ලක්ෂ 25කි. චිත්‍රපටයේ සමස්ත ලෝක ව්‍යාප්ත ආදායමෙන් සියයට 33.2ක් විදෙස් වෙළෙඳපොළෙන් ලැබී ඇති අතර, ඉතිරි සියයට 66.8ක දායකත්වය ඉන්දියානු සිනමා වෙළෙඳපොළෙන් ලැබී තිබේ.

ලෝක ප්‍රසිද්ධ අරාබි සමාජ මාධ්‍ය තරුවක් ලංකාවේ - Khalid Al Ameriගෙන් ආදරණීය පණිවිඩයක්

ලෝක ප්‍රසිද්ධ අරාබි සමාජ මාධ්‍ය තරුවක් ලංකාවේ - Khalid Al Ameriගෙන් ආදරණීය පණිවිඩයක්

කෙසේ වෙතත්, පළමු සතියට සාපේක්ෂව පසු සතිවලදී චිත්‍රපටයේ ආදායම ක්‍රමයෙන් පහත වැටී තිබේ.

පළමු දින අට තුළ ඉන්දියාවෙන් රුපියල් කෝටි 564.60ක ශුද්ධ ආදායමක් උපයා ඇති අතර, දෙවැනි සතියේදී එය රුපියල් කෝටි 299.15ක් දක්වා අඩු වී ඇත.

තෙවැනි සතියේ ආදායම රුපියල් කෝටි 128.35කි. නිටේෂ් තිවාරි අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ සායි පල්ලවි, යෂ් සහ රවී ඩුබේ ද ප්‍රධාන චරිත නිරූපණය කරති.

පළමු කොටස නොවැම්බර් 5 වැනිදා තිරගත කිරීම ආරම්භ කළ අතර, එහි දෙවැනි කොටස 2028 වසරේ දීපවාලි උත්සව සමයේදී තිරගත කිරීමට සැලසුම් කර තිබේ.

ජනප්‍රිය විකට ශිල්පී පී.ජේ. ගැලගර් අභාවප්‍රාප්ත වෙයි- කලා ලෝකය කම්පනයට

ජනප්‍රිය විකට ශිල්පී පී.ජේ. ගැලගර් අභාවප්‍රාප්ත වෙයි- කලා ලෝකය කම්පනයට