රාජ්‍ය සේවකයන්ට අවුරුදු තුනක් ඇතුළත සුභ ආරංචියක් - අමාත්‍ය ටී.බී. සරත්ගෙන් ප්‍රකාශයක්
නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසන්නේ ඉදිරි වසර තුන ඇතුළත කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජනතාවට විදුලි දුම්රියවලින් ගමන් කිරීමට අවස්ථාව සැලසෙන බවයි.
දියබෙදුම ප්‍රදේශයේ පැවති ඉඩම් බලපත්‍ර ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, විදුලි දුම්රිය මාර්ග, මෙට්‍රෝ බස් රථ සහ අධිවේගී මාර්ග සංවර්ධනය සඳහා මෙන්ම සුඛෝපභෝගී බස් රථ 700ක් මෙරටට ගෙන්වීමට ද මුදල් වෙන් කර ඇති බව හා රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට අමතරව ප්‍රවාහන, සෞඛ්‍ය සහ නිවාස පහසුකම් දියුණු කිරීම තුළින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට රජය කටයුතු කරන බවයි. ඉදිරි වසර තුන හතර තුළ මෙරට ජනතාව මුහුණ දී සිටින ගැටලු විශාල ප්‍රමාණයක් විසඳීමට වත්මන් ආණ්ඩුවට හැකිවන බවයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් සඳහන්කර සිටියේ,
"ඉදිරි අවුරුදු එකත් තුනත් ඇතුළත ඔයගොල්ලන්ට විදුලි කෝච්චිවල යන්න පුළුවන් නගරාසන්නව. ලෝකේ මේ දියුණු තාක්ෂණය. කොළඹ අවට තියෙනවා මෙට්‍රෝ බස්, ඉතාම සුඛෝපභෝගී බස්. ඉතින් ඒ බස් ගේන්න මුදල් වෙන් කළා. විදුලි දුම්රිය මාර්ගවලට මුදල් වෙන් කළා. අධිවේගී මාර්ගවලට මුදල් වෙන් වෙනවා. මෙට්‍රෝ බස් ගෙන්වනවා.ඊට අමතරව පොළොන්නරුව වගේ ප්‍රදේශවල දුවන්න සුඛෝපභෝගී බස් 700ක් ගෙන්වන්න මුදල් වෙන් කරලා තියෙනවා. ඇයි, මිනිස්සු යන්න ඕන හොඳ බස්වල. හොඳ මාර්ග පද්ධතියක් හැදෙන්න ඕනේ. ප්‍රවාහන පද්ධතියක් හැදෙන්න ඕනේ. අන්න ඒකට මුදල් වෙන් කරන්නේ තුනෙන් දෙකෙන්. දැන් ඒ බස් එකේ යනවා රාජ්‍ය සේවකයා. දැන් කොළඹ රාජ්‍ය සේවකයෝ යන්නේ මෙට්‍රෝ බස්වල. පඩියත් වැඩි වෙනවා. මෙට්‍රෝ බස් එකකුත් හම්බවෙලා තියෙනවා. තව අවුරුද්දක් දෙකක් යනකොට පඩියත් වැඩිවෙලා තියෙනවා. විදුලි දුම්රියත් හම්බවෙලා තියෙනවා. කොළඹ නගරයේ, නාගරික සමාජයේ දැන් තව අවුරුද්දක් දෙකක් යනකොට විශාල ගෙවල් පද්ධතියක් හැදෙනවා. මහල් නිවාස පද්ධතියක්. ඒ කියන මැදි ආදායම්ලාභී අයට ජීවත් වෙන්න. රජය ඒකටත් මුදල් වෙන් කරනවා. නිවාස හදන්නත් මුදල් වෙන් වෙනවා. නාගරික සමාජයේ මහල් නිවාස හදන්නත් මුදල් වෙන් කරලා තියෙන්නේ. ඉතාම හොඳ සෞඛ්‍ය පද්ධතියක් හදන්න, සෑම රෝහලකටම හෘද කැතීටර් යන්ත්‍ර දෙන්න, ඒවාටත් විශාල මුදලක් වෙන් කරලා තියෙන්නේ. ඒ ඔක්කොම මුදල් වෙන් කරලා තියෙන්නේ තුනෙන් දෙකෙන්. එතකොට රාජ්‍ය සේවකයාට හොඳ රෝහලක් තියෙනවා නම්, රාජ්‍ය සේවකයාට හොඳ ප්‍රවාහන පද්ධතියක් තියෙනවා නම්, රාජ්‍ය සේවකයාට නිවසක් ගන්න හොඳ නාගරික දියුණු නිවාසයක් හැදෙනවා නම්, රාජ්‍ය සේවකයාට ගමන් බිමන් යන්න හොඳ දුම්රිය සේවා පද්ධතියක් හැදෙනවා නම්, පඩි වැඩි වෙනවා වගේම එයාගේ මූලික මිනිස් අයිතිවාසිකම් සම්පූර්ණ වෙන වැඩෙත් සිද්ධ වෙනවා. අන්න ඒ ඔක්කොටම ජාතික ධනයෙන් මුදල් වෙන් කරන්න ඕනේ. ඒ නිසා රාජ්‍ය සේවකයා කල්පනා කරන්න ඕන වැටුප පමණක්ම නෙමෙයි ජීවිතය කියලා කියන්නේ. ජීවිතය ගොඩනගන්න තව ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම මේ රටේ ඔබ වැනි රාජ්‍ය ආදායමක් සෘජුව නැති අයටත් රජය වියදම් කරන්න ඕනේ. ඉතින් මේවා හැම එකක්ම කල්පනා කරන්න. අවුරුදු එකහමාරක් දෙකක් වගේ වයස ආණ්ඩුවක් මේ තියෙන්නේ. තව අවුරුදු තුනක් හතරක් යනකොට මේ ආණ්ඩුව මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විශාල ප්‍රමාණයක් විසඳනවා."