ජනප්‍රිය විකට ශිල්පී පී.ජේ. ගැලගර් අභාවප්‍රාප්ත වෙයි- කලා ලෝකය කම්පනයට

Report

අයර්ලන්තයේ ජනප්‍රිය විකට ශිල්පියෙකු සහ රූපවාහිනී හා ගුවන්විදුලි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන පී.ජේ. ගැලගර් (PJ Gallagher) වයස අවුරුදු 51දී අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහුගේ අභාවය පිළිබඳව අයර්ලන්ත අගමැති මයිකල් මාටින් ද සිය ශෝකය පළ කර තිබෙනවා.

කෝක් නගරයේ උපත ලැබූ ගැලගර්, ඩබ්ලින් නගරයේ හැදී වැඩුණු අයෙක්.

වසර 20කට වැඩි කාලයක් රූපවාහිනී වැඩසටහන් රැසකට එක්වෙමින් ඔහු ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත්වුණා. 2005 වසරේදී RTÉ නාලිකාවේ විකාශය වූ 'Naked Camera' වැඩසටහන නිර්මාණය කිරීමත් සමඟ ඔහු විශාල ජනප්‍රියත්වයක් ලබාගත්තා.

එම වැඩසටහනේදී සැඟවුණු කැමරා යොදාගෙන හාස්‍යජනක සිදුවීම් ඉදිරිපත් කර තිබුණා. එමෙන්ම BBC නාලිකාවේ 'The Young Offenders' ඇතුළු වැඩසටහන් රැසකට ද ඔහු රංගනයෙන් දායක වී තිබෙනවා.

විකට රංගනයට අමතරව රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙසත් කටයුතු කළ ඔහු, Radio Nova හි උදෑසන වැඩසටහනට ද එක්ව සිටියා. අයර්ලන්ත අගමැති මයිකල් මාටින් සඳහන් කළේ, ගැලගර් දක්ෂ විකට ශිල්පියෙකු, නළුවෙකු සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු බවයි.

ඔහු අයර්ලන්තයේ බොහෝ දෙනෙකුගේ ජීවිතවලට සතුට සහ සිනහව එක් කළ පුද්ගලයෙකු බව ද අගමැතිවරයා පවසා තිබෙනවා. ගැලගර් නියෝජනය කළ LR Comedy ආයතනය සිකුරාදා ඔහුගේ අභාවය තහවුරු කළා. ඔහුගේ පවුලේ අය සහ මිතුරන් දැඩි කම්පනයට පත්ව සිටින බැවින් ඔවුන්ට මෙම අවස්ථාවේදී පෞද්ගලිකත්වය ලබාදෙන ලෙස ද එම ආයතනය ඉල්ලා තිබෙනවා.

හෙටින් පස්සේ තෙල් හිඟයක් මතුවෙයිද? ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයෙන් රතු එළියක්

හෙටින් පස්සේ තෙල් හිඟයක් මතුවෙයිද? ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයෙන් රතු එළියක්

ගැලගර් තමන් මුහුණ දුන් මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳව ද විවෘතව කතා කළ අයෙක්. එවැනි ගැටලුවලට මුහුණ දෙන පුද්ගලයන්ට ඒ ගැන ලැජ්ජාවකින් තොරව කතා කරන ලෙස ඔහු දිරිමත් කර තිබෙනවා.

2023 වසරේදී ඔහු සිය ජීවිත අත්දැකීම් ඇතුළත් 'Madhouse' නමින් ග්‍රන්ථයක් ද ප්‍රකාශයට පත් කළා. මානසික සෞඛ්‍යය පිළිබඳව අවධානය යොමු කළ 'Changing My Mind' නම් වාර්තා වැඩසටහනක් ද ඔහු නිර්මාණය කර තිබෙනවා.

ඔහුගේ අභාවය පිළිබඳව කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු ද ශෝකය පළ කර තිබෙනවා. 'The Young Offenders' කතා මාලාවේ ඔහු සමඟ රඟපෑ ඇලෙක්ස් මර්ෆි සඳහන් කළේ මෙම පුවත ඇසීමෙන් තමන් දැඩි ලෙස කම්පනයට පත්වූ බවයි.

එම කතා මාලාවේ තවත් රංගන ශිල්පිනියක වන හිලරි රෝස් ද ගැලගර් සිහිපත් කරමින් පවසා ඇත්තේ ඔහු සිටින විට සෑම දවසක්ම වඩාත් සතුටින් ගත කළ හැකි වූ බවයි. විකට ශිල්පී ඩාරා ඕ බ්‍රයන් ඔහු ඉතා කරුණාවන්ත, මිත්‍රශීලී සහ මිනිසුන් සිනහ ගැන්වීමට විශේෂ හැකියාවක් තිබූ පුද්ගලයෙකු ලෙස හඳුන්වා තිබෙනවා.

එමෙන්ම පොඩ්කාස්ට් වැඩසටහන් නිර්මාණකරුවෙකු වන Blindboy Boatclub සහ විකට ශිල්පී ජෝන් බිෂොප් ද ඔහුගේ අභාවය පිළිබඳව සිය කනගාටුව පළ කර තිබෙනවා. 2007 වසරේදී 'Naked Camera' වැඩසටහන වෙනුවෙන් අයර්ලන්ත චිත්‍රපට හා රූපවාහිනී ඇකඩමි සම්මානයක් ද ගැලගර්ට හිමිවුණා.

ජනප්‍රිය විකට ශිල්පී පී.ජේ. ගැලගර් අභාවප්‍රාප්ත වෙයි- කලා ලෝකය කම්පනයට | Actor And Comedian Pj Gallagher Dies At 51

Radio Nova ආයතනය සඳහන් කළේ ඔහු හඳුනාගෙන සිටි සියලු දෙනාටම ඔහුගේ අහිමිවීම දැඩිව දැනෙනු ඇති බවයි. BBC Comedy අධ්‍යක්ෂ ක්‍රිස් සස්මන් ද ඔහුගේ අභාවය පිළිබඳව කම්පනය පළ කරමින්, 'The Young Offenders' කතා මාලාවේ ඔහු කළ රංගනය හරහා ප්‍රේක්ෂකයන් අතර සදා මතකයේ රැඳෙනු ඇති බව සඳහන් කර තිබෙනවා.

අයර්ලන්ත නියෝජ්‍ය අගමැති සයිමන් හැරිස් ද ගැලගර් අයර්ලන්ත විකාශන සහ විකට කලා ක්ෂේත්‍රයේ වටිනා චරිතයක් ලෙස හඳුන්වා තිබෙනවා. ජීවිත කාලය පුරාම ඩබ්ලින්හි Bohemians FC පාපන්දු සමාජයේ රසිකයෙකු වූ ගැලගර් වෙනුවෙන් එම සමාජය ද ශෝක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

ඔහුගේ අභාවය අයර්ලන්ත කලා හා විනෝදාස්වාද ක්ෂේත්‍රයට විශාල පාඩුවක් ලෙස සැලකෙනවා.

“අපරාදේ කරපු අය මම අත අරින්නේ නෑ''-සැමියාගේ ඝාතනය ගැන බිරිඳගේ හද සසල කරන ෆේස්බුක් සටහන

“අපරාදේ කරපු අය මම අත අරින්නේ නෑ''-සැමියාගේ ඝාතනය ගැන බිරිඳගේ හද සසල කරන ෆේස්බුක් සටහන


Gallery